(නාලක සංජීව දහනායක)
සියලුම රාජ්‍ය ආයනවල ජනාධිපතිවරයාගේ ඡායාරූපය සහ දේශපාලනඥයන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා උපදෙස් දී ඇත.
ඒ අනුව අමාත්‍යංශ ඇතැම් රාජ්‍ය ආයතනවල අද (18) දිනයේදීම රාජ්‍ය ලංඡනය ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර තිබුණි.
එමෙන්ම මාහාමාර්ගවල ප්‍රදර්ශනය කර තිබෙන දේශපාලනඥයන්ගේ ඡායාරූපද ඉවත් කරන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවැරදි තීරණයක්... රටේ නියම වෙනසක් අැති කරන්න ඔබතුමාට ශක්තිය ලැබේවා...!!! අපගේ ඡන්දයට නියම වටිනාකම ලබාදෙන්න.
හොඳම වැඩකින් වැඩ ඇල්ලුවා. තව බොහෝ හොඳ දේවල් ඔබතුමාගෙන් සිද්දවෙනවා දකින්න ලැබේවා...!!!
මෙවන් සාධනිය කටයුතු කිරීමට සිත් සතන් සහ ධෛර්යය පහලවේවා
ඉතා හොද වැඩක් ජනපතිතුමනි. ඒ වගේම මහජන මුදල් වලින් කරන කිසිම සංවර්ධන වැඩක් ආරම්භ කිරිමට හෝ විවුර්ත කිරිමට කිසිම දේශපාලඥයෙක් යොදවන්න එපා ඒක මහජනතාවට පවරන්න
ඉතා හොඳ වැඩක්.
මොවුන් පැවැති රජයට වැඩ කරන්න දුන්නෙම නැහැ.
ඔබ අප රට නිවරැදි දැක්මක් ඇතිව දියුණු කළොත් ඔබ ගෝඨාභය යනු දෙවිකෙනෙකු මෙන් මිනිසුන් අදහන චරිතයක් වනු ඇති.
2015 දී යහපාලනයට ඡන්දය දීපු මම මෙවර ඔබතුමාට ඡන්දය දුන්නේ මහින්ද යුගයක් දකින්න නම් නෙමෙයි.. මට අවශ්‍ය යහපාලනයයි.. ශක්තිමත් නායකත්වයක් යටතේ ක්‍රියාත්මක වන යහපාලනයක් දකින්නයි.. මෙවැනි දේ අහන දකින විට මගේ තීරණය ගැන මට සතුටුයි.
හැමෝම එන්නේ ඔහොම කියාගෙන. යනකොට යන්නේ ප්‍රකෝටි ගණන් මාලිගා, කැබිනට් පත්‍රිකා වලින් තමන්ගේ නමට ලියාගෙන... මතකයිනේ කාබන් පෑනෙන් අත්සන් කරපු කෙනා.
ඇත්තෙන්ම හොඳ අදහසක්. මන්ත්‍රීලට දීලා තිබෙන පොලිස් නිලධාරීන් ටික ඉවත් කලොත් මහජනය එක්ක හොදින් ගනුදෙනු කරන්න පුරුදු වෙන්න ඉඩ තිබෙනවා. එසේ කරන්න බැරි මන්ත්‍රීලා ඉන්නවද.
ළමයින්ගේ පෙළ පොත්වල මුල්පිටුවලටත් අවශ්‍ය නැහැ.
මම අවුරුදු ගානක් හිතපු දෙයක් එක දවසින් ක්‍රියාත්මක කලා. පිටරටක හිටිය එකේ වාසිය !
ඉතා හොඳ පියවරක්. රට ගොඩ ගන්නනම් ඔයිට වඩා ලොකු අඩව් අල්ලන්න වෙනවා මහත්තයෝ. වටේට ඉන්න පිරිසගෙන් පරෙස්සම් වෙන්නත් වෙයි.
තව එකක් තමා මහජන මුදලින් කෙරෙන සියලු පොදු ඉදිකිරීම්වල තියන දේශපාලුවන්ගේ නම් සහිත පලක ඉවත් කරන එක. අපේ හමින් උනුන්ගේ නම්.
ඉතා හොද තීරණයක්. ඒවගේම අධික වියදම් නාම පුවරු උසස්ව වියදම් අවම කිරීම රටේ මුදල් ඉතිරි කර ගන්න පුළුවන්
ඒ වගේම අළුතින් සාදා නිමකර ජනතා අයිතියට පත්කරන. කිසිම ගොඩනැගිල්ලකට ඔවුන්ගේ නම් දැමීමත් සම්පුර්ණ තහනම් කරන්න, තමන්ගේ මුදලින් කරන දේට පමණයි ඔව්නුගේ නම් දැමිය යුත්තේ.
හොඳ තීරණයක්
ඉතා ආදර්ශමත් තීරණයක්. මමත්වය නැති කර රටට වැඩ කිරීමට ඔබතුමා ගත් මෙම තීරණයට අපගේ ආචාරය
ඇත්තෙන්ම හොද වැඩක්.. මෙය අපි අගයන්නෙමු.
දැන් ඔය පරණ කතා වැඩක් නෑ. භේද නොබලා වැඩ කරොත් රට ගොඩේ ගොඩ.
යහපාලනය කාලේ අපේ ගමේ කිලෝමීටරයක් දිග පාරක කණුවක් මීටර් 25ක් දිගට හදල බෝර්ඩ් එක ගහලා තිබුනා.
හොඳම තීරණයක්. අපි ජීවත්වන මේ රටවල් වල ඔය වගේ දේවල් නැහැ. නව ජනාධිපති ගෝඨාභය මැතිතුමාට අපගේ සුභාශීංෂණය ප්‍රාර්ථනා කරමු.
හොඳම තීරණයක්.
හොඳම අදහසක්.
දැන් ඔය අයින් කරන දේවල් ඉක්මනින් කිරීමේ ගරුත්වයත් ඔයාලටම තමා ලැබෙන්නේ.
රටට කිසිසිම වැඩක් නොකළ දේශපාලුවන්ගේ නම් වලින් තිබෙන පාරවල් වල නම්ද වෙනස්කර දමමු. කොළොන්නාවේ එහෙම නම් තිබෙන පාරවල් කීපයක් තිබෙනවා.