( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ඉකුත්දා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය සඳහා පත් කළ විනිසුරු මඬුල්ල සම්බන්ධයෙන් ඔහු සිදු කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල ජුනි මස 12 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) දින නියම කළේය.
අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ අද (13) මෙම පැමිණිල්ල කැඳවනු ලැබීය.
මෙහිදී අමාත්‍ය රංජන් රාමනායක මහතා අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තපා මහතා අධිකරණයට දන්වා සිටියේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් එල්ල කර තිබෙන චෝදනාව තම සේවාදායකයා ප්‍රතික්ෂේප කරන බවය.
අධිකරණය මඟින් ප්‍රකාශිත නඩු තීන්දුවක් හෝ නඩු විභාගයක් සම්බන්ධයෙන් තම සේවාදායකයා කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බවත් අධිකරණයට හානිකර කිසිම දෙයක් ඔහු විසින් සඳහන් කර නොමැති බවත් මෙහිදී ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණයට දැන්වීය.
කෙසේ වෙතත් මීට අදාළව කරුණු දැක්වීම සඳහා තමන්ට දිනයක් ලබා දෙන මෙන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් සංජය රාජරත්නම් මහතා විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව අදාළ පැමිණිල්ල ජුනි මස 12 වැනි දා කැඳවීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ. ඊට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නොතීසියකට අනුව එම නඩු කටයුත්ත ආරම්භ කර ඇත.
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රංජන්ට එරෙහි පැමිණිල්ල ජුනි 12 වැනි දා විභාගයට