IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රංජන්ට එරෙහි පැමිණිල්ලට චෝදනා පත්‍රයක් දෙන්නැයි නීතිපතිට නියෝග

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

අධිකරණයට අපහාස කළැයි සඳහන් කරමින් අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන දෙවැනි පැමිණිල්ලට අදාළව ඉදිරි මාසය ඇතුළත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය  අද (12) නීතිපතිවරයාට නියෝග කරන ලදී.

එම චෝදනා පත්‍රය අද (12) මාසයක් ඇතුළත ගොනු කරන්නැයි ද අධිකරණය නියම කළේය.

ඉකුත් නොවැම්බර් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් රංජන් රාමනායක මහතා පළ කළ අදහස් වලින් ඒ මහතා අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බව චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නොතීසියකට අනුව මෙම පැමිණිල්ල  කැදවිණි.

මෙම පැමිණිල්ල අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.

 



අදහස් (2)

රංජන්ට එරෙහි පැමිණිල්ලට චෝදනා පත්‍රයක් දෙන්නැයි නීතිපතිට නියෝග

sunil milano Wednesday, 12 June 2019 07:05 AM

ඔය නඩුව අහන්නේ ලබන ආත්මේ තමයි.

:       0       49

Mahee Wednesday, 12 June 2019 09:36 AM

ඇයි හත් ඉලව්වේ, මේ නඩුවලට චෝදනා පත්‍ර නිකුත්කරන්න නියමිතව හිටපු එක්කෙනා ඒ වැඩේ නොකර ඉඳලා දැන් ඊළඟ කෙනාට නියම කරනවා එ්ක කරන්න කියලා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 217 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 169 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 971 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site