IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


රංජන්ට එරෙහිව චෝදනා පත්‍ර බාරදෙයි

 

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

පසුගිය වසරේදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශයක් තුළින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි කියමින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව අද (30) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා පත්‍ර බාර දෙන ලදී.

ඒ අනුව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කළ දෙවැනි චෝදනාව මෙය වේ.

මීට පෙර රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී මෙරට බහුතරයක් විනිසුරුවරුන් දූෂිත යැයි සදහන් කිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදුව ඇතැයි කියමින් නීතිපති චෝදනා පත්‍රයක් ගොනු කළේය.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ මෙම දෙවැනි චෝදනා පත්‍රය අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එල්. ටී.බී.දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද (30) බාරදීම සිදු විය.

චෝදනා පත්‍ර බාරදීමෙන් පසුව රන්ජන් රාමනායක අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතා අධිකරණයට දන්වා සිටියේ ප්‍රශ්නගත ප්‍රකාශය වගඋත්තරකරු විසින් හිතාමතා සිදුකරන ලද්දක් නොවන බවත් ඉන් අධිකරණයට යම් අපහසුවක් වී නම් ඒ සම්බන්ධයෙන් කනගාටුවක් පළ කිරීමට තම සේවාදායකයා සූදානම් බවයි.

ඉදිරිපත් වූ කරුණු සළකා බැලුවොත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල  මෙම අධිකරණ අපහාස නඩුව නැවත දෙසැම්බර් මස 2 වැනි දා කැඳවීමට ද තීන්දු කරන ලදී.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම සඳහා පත් කෙරුණු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පිළිබඳව රන්ජන් රාමනායක අමාත්‍යවරයා රූපවාහිනී වැඩසටහනකදී සිදුකළ අදහස් පළ කිරීමක් තුළින් අධිකරණයට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම නිකුත් කළ නොතිසියකට අනුව එම නඩු කටයුත්ත ආරම්භ වී තිබේ.



අදහස් (2)

රංජන්ට එරෙහිව චෝදනා පත්‍ර බාරදෙයි

siri Tuesday, 30 July 2019 08:41 AM

මට නම් හිතෙන්නේ, ‘කොට්ටෝරුවා කෙසෙල් ගහට ඇන්නා' කියලයි.

:       0       0

සේන Tuesday, 30 July 2019 09:21 AM

මේවා ගැන කතා කරනවට වඩා හොඳයි පොරවගෙන නිදාගන්න එක.....

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site