
(නිමල කොඩිතුවක්කු)
රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රීධූරය ආරක්ෂා කිරීම සඳහා නිත්‍යනුකූලව ගත හැකි සෑම ක්‍රියා ක්‍රියා මාර්ගයක්ම ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89, 91 සහ 105 යන වගන්ති වලට අනුකූලව රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට නෛතික ඉඩක් නොමැති බවද ඔහු සඳහන් කළේය.
භාෂණයේ නිදහස සුරකිමු" යන මැයෙන් සමගි ජනබලවේගය ඇතුලු විපක්ෂයේ පොදු එකමුතුව කොළඹ නිදහස් චතුරස්‍රය අසලදි අද(13) සංවිධානය කළ විරෝධතාවයකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
රංජන් රාමනායක මහතා සම්බන්ධයෙන් ලබාදුන් අධිකරණ තීන්දුව විවේචනය කිරීමට හෝ අභියෝග කිරීමට සූදානම් නොමැති වුවත් ජ්‍යෙෂ්ඨ නීතිඥයන් මාර්ගයෙන් ඒ සම්බන්ධයෙන් ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳ විමසා බලන බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටීමට තමන් ඇතුළු සමගි ජන බලවේගය කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
COMMENTS
කොහොම වුණත් රන්ජන් තනි වුණා!... ඔහු වටේ සිටි කිසිම කෙනෙක් අවසාන මොහොතේ ඔහු අසල සිටියේ නැත! - තමන්ට තේරෙන භාෂාවෙන් අසාධාරණ දේශපාලනය වෙනුවෙන් කථා කළ ඔහු එහි ගොදුරක් වුණා..!
ඇයි? තව තවත් විනිශ්චයකාරවරුන්ට කතා කරවන්න ඕනෑ වෙලා තියෙනවද? මේ වගේ වාචාලයන් පක්ෂෙකටවත් වැද්දගන්න එපා. පාර්ලිමේන්තුවේ ගරුත්වය සුරකින්න...
අවුරුදු 60 ක් 70 ක් වැනි කෙටි කාලපරාසයක් තුල තාමත් සංවර්ධනය වෙමින්ම පවතින රටක් වීමට අප රටට බලපෑ ඇති ප්‍රධානම සාධකයන් ගෙන් එකක් ලෙස අප දකින්නේ විපක්ෂයක තිබිය යුතුම මූලික ගුණාංග "විපක්ෂ පට්ටියට ආපු සෑම අම්බරුවෙකුම" තමන්ගෙන් විපක්ෂයක් හැටියට රටට වියයුතු කටයුතු වෙනුවට සෑම දියලබු ගෙඩියටම විරුද්ධ වීමයි. "බලය තිබෙන පට්ටියේ මීහරකුන්" බලන්නේ පරම්පරා කීයකට අපි හරිහම්බ කරගන්නේද යන්න නොවේද? කාරුණිකව මධ්‍යස්ථව සිතමු.. කාගේවත් පක්ෂවලට බරනොවී අප අපගේ සිත්වලට එකඟව අපගේ මෙම අදහස් තේරුම් ගැනුමට උත්සාහ කරමු. "මේ සජී ළමයත්" උත්සාහ කරන්නේ තමන් උපන් රටේ දියුණුවට යමක් කිරීමටද නොඑසේනම් මොන අටමඟලේ කර හෝ බලය ලබා ගැනුම නොවේද? එබැවින් මේ 225 පිළිබඳව මධ්‍යස්ථව රටට අවංකවම ආදරය ඇති පුරවැසියන්ගේ සිත්සතන් තුළ ඇති වන්නේ පහන් හැඟීමක්ද? නොඑසේ නම් "කාලකන්නි 225" යන්න නොවේද?
අපි රංජාව එළියට අරගෙන, පුතාණෝව යවමු ඇතුළට...
පුතාණෝගේ අලුත් මැතිවරණ පොරොන්දුව..
ඕන කුණු ගොඩක් මෙයා ආරක්ෂා කරනවා. බොරු රැවුල් කාරයින්වත් මෙයා ආරක්ෂා කළා. දිවියන්, කොටියන් ඔක්කොමත් ආරක්ෂා කළා.
රන්ජන් රාමනායක ඇත්ත කතා කළ මිනිහෙක්. අද ඉන්න බොහෝ ලොකු ලොක්කන් වගේ හොරෙකුත් නොවෙයි.
අපේ රටේ ඉස්කෝලේ නොගිය මනුස්සයත් දන්නවා රටේ නීතියට ගරු කරන්න ඕනේ කියලා. රටක නීතියක් නැති වුණාම ඒ රටට ගොඩඒමක් නැහැ. ඒත් මේ මනුස්සයාට ඒක තේරෙන්නේ නැහැ. නඩුතීන්දුවකට අභියෝග කරලා රංජාගේ නැතිවුණු මන්ත්‍රීධුරය ආරක්ෂා කරන්න උත්සාහ කරන මේ පුද්ගලයාගේ දැනුමේ තරම කාටත් තේරෙනවා.
නුවණක්කාරයින් අඩිය තියන්න බිය තැන්වල මෝඩයින් කරණම් ගහනවා කියන්නේ මේවට...
සලකා බලන්නම් කියලනේ කිව්වේ.. එහෙනම් ඉතින් ආයෙත් අහන්න දෙයක් නැහැ....