(සුජිත් හේවාජුලිගේ )
සිර දඩුවම් නියම සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ බඩුබාහිරාදිය මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් ලබන සතියේදී ඉවත් කරගැනීමට සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ .
නිවෙසක් සොයාගන්නා තුරු රන්ජන් රාමනායක මහතාගේ බඩුබාහිරාදිය මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ ඔහුට කලින් හිමිව තිබූ නිවසේ තබා ගැනීමට අවසර දෙන්නැයි ඔහුගේ නීතිඥවරයා බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගෙන් මෙයට ඉහතදී ඉල්ලීමක් කර තිබිණ .
ඒ අනුව රත්වත්තේ මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සමග සාකච්ඡා කර ඒ සඳහා මාස තුනක සහන කාලයක් සානුකම්පිත හේතු මත ලබාදීමටදී තිබිණ .
එම මාස තුනක සහන කාලය ලබන විසි වෙනිදාට අවසන් වන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති .
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු මන්ත්‍රී සේවා අංශයේ නිලධාරියෙකුගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ මේ කාරණය සම්බන්ධයෙන් කතානායකවරයා සමග ඉදිරි දිනවලදී සාකච්ඡා කර කිසියම් තීරණයක් ගන්නා බවයි .
නවක මන්ත්‍රීවරුන්ට ලබාදීමට නිවාස ප්‍රශ්නයක් පවතින බවද එම නිලධාරියා පෙන්වා දුන්නේය .
COMMENTS
ඉන්නේම ආණ්ඩුවේ ගෙවල්වල...
අනේ පව් අහිංසකයා ගෙයින් එළියට දාන්නේ... දැන් කොහේ යන්නද?
මෙපමණ කලක් තියාගෙන හිටියේ මොකද කියන එකයි ප්‍රශ්නය.. මන්ත්‍රීකම අහෝසි වුණානම් නිල නිවසක් මොකටද? කාව ගෙන්වා ගන්නද?
දැන් නිල නිවාස ඉන්න එකනේ නේද? නිදහස් කරන්නද? වෙන සිපිරිගෙයකට මාරු කරන්නද?
දැනටමත් අවුරුදු 4ට ඉන්න තැනක් දීලා තියෙන්නේ...
ඒකට බැසිල් රිංගාවිද දන්නැහැ.
නිල නිවෙස් දෙකක් මොකටද? දැන් එකක් දීලා තිබෙන්නේ ටීවී එකකුත් එක්ක. නාකි වෙනකම් ඉන්න පුළුවන්. ඔය නිල නිවසේ ඉන්න එක ඇඟට හොඳයි.