IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රංජන්ගේ නඩුව පෙබරවාරි 26 කැඳවීමට නියෝග

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් වී තිබෙන පැමිණිල්ල පෙබරවාරි මස 26  වැනිදා කැඳවීමට  ශ්‍රේෂ්ඨාධිකරණය අද (7) නියම කරන ලදී.
 
එම පැමිණිල්ල අද ඊවා වනසුන්දර සහ එල්. ටී.බී .දෙහිදෙණිය යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී  වගඋත්තරකාර රංජන් රාමනායක මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී සිටියේ මීට පෙර අධිකරණය විසින් නිකුත් කළ නොතීසි අනුවය.

රංජන් රාමනායක මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පැමිණිල්ලට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නොතීසි තම සේවාදායකයා වෙත ලැබී නොමැති බවත් එහෙත් ඔහු අද දින අධිකරණය හමුවේ පෙනී සිටින බවත් දන්වා සිටියේය.

එමෙන්ම මෙම නඩුවට පාදක වී තිබෙන වග උත්තරකරුගේ ප්‍රශ්න ගත ප්‍රකාශය අඩංගු බව කියන සංයුක්ත තැටි ද තමන් වෙත ලැබි නොමැති බව ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් එහි ලේඛකාධිකාරී වරයාට නියෝග කළේ මෙම නඩුවට අදාළ නොතීසිය සහ ප්‍රශ්න ගත ප්‍රකාශය අඩංගු සංයුක්ත තැටියේ පිටපතක් වගඋත්තරකාර පාර්ශ්වය වෙත නිකුත් කරන ලෙසයි.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සංජය රාජරත්නම් මහතා අධිකරණය හමුවේ කියා සිටියේ වගඋත්තරකරුගේ ප්‍රශ්නගත ප්‍රකාශයෙන් බැලූබැල්මටම අධිකරණයට අපහාසයක් සිදු වී තිබේ නම් ඊට අදාළව චෝදනා පත්‍රයක් ගොනු කිරීම නීතිපතිවරයාගේ ඊළඟ පියවර බවයි.

අනතුරුව පැමිණිල්ල පෙබරවාරි මස 26 වැනිදා කැඳවීමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එදිනට වැඩිදුර කරුණු සළකා බලන බව නියම කළේය.
 

ඡායාරූපය - ළහිරු හර්ෂණ

 



අදහස් (7)

රංජන්ගේ නඩුව පෙබරවාරි 26 කැඳවීමට නියෝග

ගල්කටස් Friday, 07 December 2018 07:19 AM

වන්ෂොටි අයියට මොන නඩුද එයා කලින්ම දන්නවානෙ නඩු තීන්දුව. පෙන්නැද්ද මුහුණෙ තියෙන සිනහව එ්කියන්නෙ කලින් තීන්දුව දන්නවා වගේ. මොනා උනත් වන්ෂොටි අයියට ජයවෙිවා කියඹු අපි. නුතන වන්ෂොටිට ජයවෙිවා

:       0       0

BamunuarachchiSunday, 09 December 2018 08:02 AM

මොනවා කරන්නද? රටක් පාලනය වෙන්න හදන්නේ පබාලා, වන්ෂොට්ලා වගේ අයගෙන්.. අපට කරන්න තිබෙන්නේ අපේ ළමයින්ට මේහේ සල්ලිවලින් උගන්වලා පිටරටට, කැනඩාව, ඔස්ට්‍රේලියාව, ඇමරිකාවට පූජාකරන එකයි. නැතුව අපේ උගත් ළමයින්ට වන්ෂොට්ලාටයි, පබාලටයි, සජිත්ලාටයි, නාමල්ලාටයි සෙකන්ඩ් වෙන්න දෙන්න පුළුවන්ද?

:       0       0

ramani Friday, 07 December 2018 08:24 AM

ඔය එක්කම අර පහුගිය සුමාන දෙකේ කිව්ව ටිකත් විභාග කරානම් වෙලාව ඉතුරුකරගන්න පුළුවන්...

:       0       0

Senarath Friday, 07 December 2018 01:20 PM

රන්ජන් හිරේ නොයැව්වොත්, මොකද නීති දෙකක් කියලා? එස්.බී. ගේ කට්ටිය ඇවිත් උසාවිය පෙරලයිද දන්නේ නෑ...

:       0       0

Bamunuarachchi Saturday, 08 December 2018 02:38 AM

හලෝ කෝට් එකේ උඩ බොත්තම දමන්නේ නැත.

:       1       41

sandy123Saturday, 08 December 2018 08:29 AM

මොකක්ද මේ හරුපය? මොකුත්ම නැද්ද කියන්න?

:       0       0

BamunuarachchiSunday, 09 December 2018 03:50 PM

කියන්න දේවල් බොහොමයි. නමුත් මෙයාට එවා කියලා වැඩක් නැත. ඔබත් දන්නේ නැති පාටයි. කෝට් එක ඇන්දාම උඩ බොත්තම දාන්නේ නැත... ටීෂර්ට් එක අැන්දාමත් එහෙමයි. දන්නෙ නැතිනම් කියලා දෙන්නම් මහත්මයෙක් වගේ අඳින හැටි ගොඩක් වෙන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site