Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2023 පෙබරවාරි මස 09 වන බ්‍රහස්පතින්දා
(අජිත්ලාල් ශාන්තඋදය සහ දාපනේ ජයන්ත නානායක්කාර)
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අද(04) උදෑසන අභාවප්‍රාප්ත විය.
මිය යන විට මන්ත්‍රීවරයා සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය.
මන්ත‍්‍රීවරයා මියයනවිට 57 වන වියේ පසුවිය.
එක්සත් ජනතා නිදහස් සංධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුවද මියයන විට ඔහු ශ‍්‍රීලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළේය.
පසුගිය ජනාධිපතිවරණයේ දි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් විශාල වැඩකොටසක් ඔහු සිදුකළේය.
හදිසියේ අසනීප වූ රංජිත් සොයිසා මන්ත‍්‍රීවරයා පසුගිය 28දා අලූයම ප‍්‍රතිකර සඳහා ගුවන් මගින් සිංගපූරුවේ රෝහලකට ගෙන යනු ලැබීය.
වැවිලිකරුවෙකුවූ රංජිත් සොයිසා මහතා ශ‍්‍රීලංකා නිදහස් පක්‍ෂයේ ක‍්‍රියාකාරිකයෙක් විය. 1997දී අටකලන්පන්න ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ක‍්‍රියාකාරී දේශපාලනයට පිවිසියේය. 2002 දී එම ප‍්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායකයාද විය. 2004 පැවති සබරගමු පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරමින් එහි මන්ත‍්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය.
පසුව සබරගමු පළාත් සභාවේ කෘෂිකර්ම ඇමතිවරයා ලෙස ද කටයුතු කළ රංජිත් සොයිසා මහතා 2015 මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරමින් රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් විය.
රංජිත් සොයිසා මන්ත්‍රීවරයා දෙදරු පියෙකි.
Bamunuarachchi Wednesday, 04 December 2019 02:16 AM
මන්ත්රීවරයා සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියා නම් බිල ගෙවන්නේ රජයෙන්ද?
Reply : 29 473
Mahesh Wednesday, 04 December 2019 04:52 AM
නිවන් සුව.. සිංගප්පුරුවේද කොහෙද දැන් මහරෝහල තියෙන්නේ........ මෙතුමාට ජයග්‍රහණය භුක්ති විදින්නවත් ලැබුනේ නෑ.
Reply : 1 62
මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Wednesday, 04 December 2019 04:54 AM
අපේ හිටපු සෞඛ්‍යය ඇමතිතුමාත් බෙහෙත් ගන්න ගියේ සිංගප්පුරුවටනේ. එහෙනම් ලංකාවේ රෝහල්වල තත්වය කොහොමද?
Reply : 126 272
සනත් ඉතාලිය Wednesday, 04 December 2019 08:48 AM
බමුණු, ඉස්සරවෙලා මැරුන මනුස්සයට ශෝකය පළකරන්න. දෙවනුව බිල් ගැන කතාකරන්න. ප්‍රකෝටිපතියෝ ඉන්නවා රජයේ මුදල් වලින් කෝටි ගණන් වියදම් කරපු. කෝ එදා ඔබේ කට ?
Reply : 165 47
Bamunuarachchi Wednesday, 04 December 2019 12:36 PM
මම ඔය කියම කාගෙන් හෝ බලාපොරොත්තු වුනා. අනේ මහත්තයෝ මම දේශපාපාලුවන්ට නිවන් සුව පතන්නේ නැහැ. ඩී එස් සේනානායක මහතාගෙන් මෘත දේහය බලන්න පරණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට මාව මගේ දෙමව්පියෝ රැගෙන ගියා. ඉන් පසු කිසිම දේසපාලඥයෙක් මෘත දේහය බලන්න කිසිම ස්ථානයකට මම ගියේ නැත.
3 1
Lakmal Wednesday, 04 December 2019 11:51 AM
බමුණෝ මියගිය පුද්ගලයාට නිවන් සුව පතන්න පුරුදු වෙන්න.
Reply : 50 4
Bamunuarachchi Sunday, 08 December 2019 01:09 PM
පින් පැමිණවීම මගේ කැමැත්තක්. මම දේශපාලුවන්ට පින් දෙන්න ලැහැස්ති නැත...
0 0
අනාත නොවු අනාතයා Wednesday, 04 December 2019 02:27 AM
නිවන්සැප ලැබේවා ! මේ නිසා තමයි රටට , මිනිසුන්ට යහපතක්ම නිතර කලයුතු, මරනයට කාලයක් වෙලාවක් නොමැත. එතුමා අවංක සිතින් රැස්කරගත් දේ එතුමා ගෙනයාවි. ජීවත්ව සිටින අයමේටික තේරුම් නොගැනීමයි අරුමය.
Reply : 6 142
Saman palitha Wednesday, 04 December 2019 02:35 AM
කළ මෙහෙවර අගය කරමි. ඔබට නිවන් සුව !
Reply : 565 253
lalithm Wednesday, 04 December 2019 03:04 AM
එතුමාට නිවන් සැප ලැබේවා! එහෙත් අපට ප්‍රශ්නයක් ඉතිරි වෙනවා. මේ අයවලුන් ඔක්කොටම සිංගප්පුරු රෝහල් සරණ මොකද? ලංකා ජාතික රෝහල් අකැපයි? මේ අයගේ ලෙඩට අපේ මහා රෝහල් වල බෙහෙත් නැතිද? නැතිනම් අපේ දොස්තරලා සුදුසුකම් ලබල නැතිද? අපේ බදු මුදල්?
Reply : 27 527
Dammi Wednesday, 04 December 2019 03:29 AM
ඇයි ලංකාවෙ ඉස්පිරිතාලෙ හොඳ මදිද...
Reply : 26 460
maalaka Wednesday, 04 December 2019 04:19 AM
බොස් වගේ වෙන්ඩ එපැයි, එයත් යන්නේ සිංගප්පූරුවටනේ
Reply : 752 761
චන්න Wednesday, 04 December 2019 04:30 AM
ඇමැතිවරු කොහොමද සාමාන්‍ය මිනිස්සු බෙහෙත් ගන්න රෝහලකින් බෙහෙත් ගන්නෙ? මොන ලැජ්ජාවක් ද?
Reply : 1 24
jayath Wednesday, 04 December 2019 04:04 AM
තියන අය මවුන්ට් රෝයල් යති - නැත්තෝ රජයේ (බෙහෙත් නැති -වර්ජන පමණක් ඇති රෝහල් වල මියයති ) කවුරු ආවත් මේ සිරි ලංකාව ඔහොම තමයි දුක් වෙන්න එපා මල්ල්ලියේ
Reply : 747 913
RK Nishanrha Kumara Wednesday, 04 December 2019 04:33 AM
නිවන් සුව ! ! !
Reply : 364 264
Bamunuarachchi Wednesday, 04 December 2019 05:33 AM
මගේ සාතිශය සංවේගය !
Reply : 347 232
sharm warn Wednesday, 04 December 2019 05:56 AM
සිංගප්පුරුවේ රෝහල් ගාස්තු සහ දේහය ලංකාවට ගෙන ඒමේ වියදම් අනුග්‍රහය මහජන මුදල් ද ??? මන්ත්‍රීට සිංගප්පුරු වෙදකම්. ලංකාවේ ඡන්දදායකයන්ට රෝහලේත් බෙහෙත් නැත. හරිම සතුටුයි.
Reply : 2 408
suranjith Wednesday, 04 December 2019 06:06 AM
ඔබට නිවන් සුව !
Reply : 413 376
RR Wednesday, 04 December 2019 07:00 AM
මේකට ඊර්ෂ්‍යා කීරීමෙන් ඵලක් නැත. එකිනෙකාගේ පුලුවන්කාරකම්, වරපරසාද, වාසනාව වෙනස්. ඒ අනුව තමයි සියල්ල සිදු වෙන්නේ. මේ ලෝකෙ හැම තැනම එහෙමයි. ඒ නිසා නිකන් දඟලන්නෙ නැතිව නොපමාව පිං කර ගන්න.
Reply : 30 35
sharm warn Wednesday, 04 December 2019 09:40 AM
ඊර්ශ්‍යා කරනවා කියලද හිතන්නේ ?පුළුවන්කාරකම් සහ වරප්‍රසාද කියන්නේ එයාලගේ උගත්කම් වලට ලැබුන දේවල් නම් අපිට කමක් නැහැ. එයාලගේ දේවල් වලින් නම් ඒත් කමක් නැහැ. ඔයා හිතන හැටියට දේශපාලනේ කියන්නේ මහජන මුදල් වලින් සුර සැප විදින එකනම් ඡන්දදායකයෝ කියන්නේ දේශපාලකයන්ට දානේ දෙන්න උපන් ජාතියක් නම් මතක තියා ගන්න කවදාවත් ලංකාව ගොඩ එන්නේ නැහැ. ඒකට ඔයත් වැරදිකාරයෙක්.
Reply : 2 76
Rata Perata Wednesday, 04 December 2019 07:34 AM
මොහු කළ වැඩ ගැන නම් මම දන්නේ නෑ. තමන් කළ දේ තමන් ගෙනියනවා. දේශපාලන ඇහෙන් බලන්න නැතුව බැලුවොත් පේනවා අද අපේ රෝහල් සේවය ගොඩක් ඉදිරියට ඇවිල්ල තියෙනවා කියලා. බොහොමයක් මිල අධික බෙහෙත් වල මිල අඩු වෙලා. නව ගොඩනැගිලි සහ පහසුකම්. මේ වගේ වැඩ කෙරෙනකොට තමයි වෛද්‍ය සංගමයේ අය මිනිස්සු මරන්න හදන්නේ.
Reply : 12 132
banda Wednesday, 04 December 2019 08:02 AM
දැන් සිංගප්පුරු රෝහලේ බිල බදු ගෙවන අපිම ගෙවලා දාන්නම්.
Reply : 1 211
Sampath Wednesday, 04 December 2019 08:37 AM
ඔබත් මේ ලෝකයෙන් ගියදාට ඔබ ගැන කියන්න හොද දේවල් කරන්න.
Reply : 1 50
SUNIL MILANO Wednesday, 04 December 2019 09:17 AM
පළමුව මම ඔබතුමාට අජරාමර නිවන් සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ! අද මැරුණු මනුස්සයෙකුටත් අපහාස කරන්න තරම් මේ සමාජය පිරිහුණේ කෙසේද කියා මම නොදනිමි. නිවන් සුව ප්‍රාර්ථනා කරාම අන්ලයික් කරන්න තරම් මිනිස්සු තිරිසන් වෙලා. හරිම කණගාටුයි.
Reply : 1436 1385
SUNIL MILANO Wednesday, 04 December 2019 11:18 AM
මගේ අදහසට අකමැත්ත ප්‍රකාශ කරපු පහල බාලංශේ ළමයින්ට ගොඩක් පින්.
Reply : 22 1
Sanju Wednesday, 04 December 2019 06:55 PM
ඔබට නිවන්සුව මැතිතුමනි.!
Reply : 1 1