(ජයන්ත සමරකෝන්)
නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා බන්ධනාගාර රෝහලට රැගෙනයාම සඳහා අද (29) එහි ගිය බන්ධනාගාර නිලධාරීන්ට පැය පහකට අධික කාලයක් රස්තියාදු වී හිස් අතින් ආපසු පැමිණීමට සිදුවී තිබේ.
රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාගේ වෛද්‍යවරයා විසින් ඔහු රෝහලින් බැහැරකිරීම ප්‍රතික්ෂේප කිරීම ඊට හේතු වී ඇතැයි බන්ධනාගාර කොමසාරිස් බන්දුල ජයසිංහ (පාලන) මහතා පැවසීය.
රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා රෝහලින් බැහැරකිරීමේදී ඔහුගේ රෝගී තත්ත්වය අනුව ඔහුට කිසියම් අවදානමක් සිදුවුවහොත් එහි වගකීම භාරගත නොහැකි බවද එම වෛද්‍යවරයා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරී සමන්ත අලහකෝන් මහතාට පවසා තිබේ.
ඒ අනුව මන්ත්‍රීවරයා රැගෙන යාමට පැමිණ තිබූ ගිලන් රථය සහ අරක්ෂක නිලධාරීන් සහිත වෑන් රථය ආපසු බන්ධනාගාරයට පැමිණ තිබේ.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාවද මේ අය රවට්ටන්නේ? ඕක අහිංසක මිනිහෙක්ට වුණානම්, නීතියෙන් මගහරින්න නීතිය මුලා කරනවා. රාජිත එදා ඉඳන් කලේ ඕක. රාජිත වීරයෙක් කියලා හිතන හරක් ඉන්නකන් මේ රට ගොඩ ගන්න බැහැ. නීතියට මුහුණ දෙන්න කොන්දක් නැති කෙනෙක් රටේ පරිපාලනමය තීරණ ගන්න, මහජනතාව නියෝජනය කරන්න යවන අයට ගහන්න ඕනේ. රාජිතගේ කෙරුවාව මයික් ඉස්සරහ විතරයි. ඡන්දය කාලේ මිනිස්සු නොමග යවන්න බොරු කළා. දැන් ඒ බොරු හින්දා නීතියෙන් ගැලවෙන්න අායෙත් බොරු කරනවා. දේශපාලනේ ව්‍යාපාරයක් කරගත්තා විතරයි.
පට්ට... මේක නිකන් ටෙලියක් වගේ. මේක තනිකර පළිගැනීමක්...
රාජිත හරි යැයි නොකියමු. මේ සියලු අයියලාගේ තරම අප හොඳින් දනිමු. නමුත් රාජිත, පාඨලී කෝලම රඟ දැක්වීමට පෙර කළයුතු බොහෝ දෑ මේ රජයට තිබිය යුතුයි. සියලු මාධ්‍යවල මුල් විනාඩි ගණනක් මෙයට වෙන්කිරීමට ඇති වැදගත්කම කුමක්ද? බැඳුම්කරය වෙනුවෙන් කලේ කුමක්ද? හඳුන්නෙත්ති කළ හරියක්වත් බලය ඇති මේ අය කර තිබේද? රාජිත කළ දෙයින් අගතියක් වූයේ කාටද? බොරුව මෙය පමණක්ද මේ සියල්ලම ඇස් බැන්දුම් පමණි. අන්තිමට සියල්ල සතුටින් විසිර යන හැටි බලන්න.
අපරාදේ අනූනවයෙන් සුවසැරියේ සවාරිය මිස් වුනේ... ඕක රටට හඳුන්වා දුන්නට තාම ඔබතුමාට ඕකේ යන්න බැරි වුණා නේ නේද? මේ මනුස්සයෙක්ගේ අසනීපයකට හිනාවෙනවා නෙවෙයි හොඳේ.
ඔය රෝහලින් බන්ධනාගාර රෝහලට අරගෙන යන්න බැරිවුණාට වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට යන්න අවසර දුන්නොත් බලන්නකෝ රෝහලේ වෛද්‍යතුමා මොකද කියන්නේ කියලා... නීතියට බොරු කළාට රටේ මිනිස්සුන්ට නම් බොරු කරන්න බැහැ මහත්තයෝ...
කෙසෙල් කැනක්, පොල් ගෙඩි හයක් හොරකම් කළ වරදට අපේ නීතිය අකුරටම ක්‍රියාත්මක වුණා මතකයි.
මේ මොහොතේ ඔහුට රෝගියකු ලෙසින් ප්‍රතිකාර කරන්න.
දැන් පේනවා නේද විශේෂඥ දොස්තරලගේ ශක්තිය, රෝගියෙක් වෙනුවෙන් බන්ධනාගාරවල ඉන්න දෙකයි පනහේ දොස්තරලට පුළුවන්ද? හෘදයේ සැත්කමක් කරපු රෝගියෙකුට වගකියන්න...
මේ රටේ මෙච්චර හොරුන්, මිනීමරුවන්, දූෂිතයන් ඉන්නවා. ඔය ඔක්කොම පැත්තකින් තියලා මේ යකා පස්සේ දුවන්නේ අනිවාර්යයෙන්ම පළිගැනීමනේ... ඇත්තටම සුදු වෑන් තිබ්බද?
තනිකරම බොරු ෂෝ. යූ-ටර්න් ජනාධිපති ආපු ගමන් දරුවෝ තුන් දෙනෙක් ඉන්න ද්‍රවිඩ කාන්තාවක් රජයට අපකීර්තියක් ගෙනෙන්න කතාවක් ගෙතුවා කියලා ඇත්ත කතාව වැහුවා. ඒ දවසකට පැය 10 ගානේ දවස් තුනකුයි ඊටත් පස්සේ දවසෙත් උදේ ඉඳන් හවස් වෙනකනුත් සීඅයිඩී උසාවි, පිස්සන්කොටු හැම තැනමත් දවස පුරා ගෙනියාමටත් අමතරව. ඊට පස්සේ හිරේ දාපු එක වහන්න දේශපාලන දඩයම් පටන් ගත්තා. යූ-ටර්න් ජනාධිපති ජාත්‍යන්තරයට කිව්වා ශ්‍රී ලාංකිකයන් කාටත් නීතිය එකයි. නීතියට අනුව ක්‍රියා මාර්ග ගැනීමේ ක්‍රියා පටිපාටියක් තියෙනවා. ඒක අනුගමනය කළ යුතුයි. ඒ හින්දා ගානියාට විශේෂත්වයක් කරන්න බැහැ කියලා. දැන් මේ පෙන්වන්නේ නීතිය කාටත් සමානයි කියන එකද? චම්පිකට දවස් දෙකෙන් ඇප. හොඳට හිටපු රාජිත ඉස්පිරිතාලේ... මේ ගොල්ලෝ ශ්‍රී ලාංකිකයෝද? නැත්ද? රටේ ඇත්ත නීතිය මොකක්ද? චම්පිකට, රාජිතට එක නීතියකුත් ගානියාට වෙනස්ම නීතියක් වුනේ කොහොමද? යූ-ටර්න් ජනාධිපති සහ යූ-ටර්න් ආණ්ඩුව රටේ ගෞරවය කෙලෙසන එක වහාම නවත්තලා රාජිතට, චම්පිකට තියෙන නීතියම ගානියාටත් දෙන්න...
දැන් හෙට ඇප ලැබුණොත් ගෙදර යනවා.. එතකොට මේ දොස්තර මොකද කියන්නේ... සනීපයි කියනවද?
නීතියට මුහුණ දෙන්න කොන්දක් නැති අය රටේ පරිපාලනමය තීරණ ගන්න. මහජනතාව නියෝජනය කරන්න යවන අයට ගහන්න ඕනේ... ඒ කතාව පහුගිය කාලේ ඒ වගේ නීතියට මුහුණ නොදී කට්ටි පැන්න කෙනෙක්ව රටේ මුල් පුටුවට පත්කරන්න ඡන්දය දුන් අයටත් අදාලද?
රටේ නායකයා නීතිය නවපු හැටි අපිට හොඳට මතකයි.
බොරුවෙන් රට කාලා ජීවත් වුණා මිස කළුතරට කරපු වැඩක් නැහැ. අපිට පුදුම කළුතර මිනිස්සු මෙච්චර මෝඩද කියලා මේ අයට චන්දෙ දෙන්නේ.
මනුස්සකම හඳුනන, සිය වෛද්‍ය වෘත්තියේ ගරුත්වය සහ වගකීම මුලින් තබා, රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාගේ වෛද්‍යවරයා ගත් මේ උසස් තීරණය අගය කළයුතු වෙනවා. රජයේ වෛද්‍ය සංගමයේ ඩොක්ටර් පාදෙණිය ලොක්කාට ආවඩන කෙනෙක් එහි සිටියා නම් මෙලහකටත් රාජිත මැතිතුමා මොන ලෝකයක ඉන්නවාද කියා දන්නේ උඩ ඉන්න දෙවියන් පමණකි ! වගකීම් දරන හැම "මනුස්සයෙකුටම" මෙය උතුම් ආදර්ශයක් වේවා !!
රුහුණුගේ මෝඩකම සටහනෙන්ම පේනවා..! මොකද, බන්ධනාගාර රෝහලේ වෙනසයි සිංගප්පූරුවේ රෝහලේ වෙනසයි තේරුම් ගැනීමම?
මේ මනුස්සයට මොනවා හරි වුනොත් ඒකත් සුදු වෑන් සිද්ධියට වඩා දෙයක් වේවි... හොඳටම සනීප වෙනකම් ආරක්‍ෂිත රැකවල් ඇතිව බලාගෙන, පසුව නීත්‍යානුකූලව කටයුතු කිරීම තමයි මේ වෙලාවේ හොඳ... ඒ ගොල්ලන්ට මේ වෙලාවේ කිසිම දෙයක් ටෙස්ට් එකට නැතුව ඉන්න වෙලාවේ අපි මොකටද ඔවුන්ට බයිට් එකක් වෙන්නේ...?
අනේ මන්දා හාල් 100/=යි , පොල් 70/=යි , එළවලු 250ක් 80/=යි, 90/=යි. මිනිස්සුන්ට මේ රාජිතව බන්ධනාගාර රෝහලට මාරු කළාද කියන එක වැදගත් නැහැ. සේරටම කලින් මිනිස්සු නොමැරී ජීවත්වෙන්න ඕනෑ...
ඉන්න හිතෙන රටක්...
රටේ බහුතර ජනතාවගේ පිළිකුලට ලක්වෙන්නේ තමන් විහින්ම වපුරන පිළිකුල් බීජ නිසයි.
සුළු ජාතීන්ගේ ඡන්ද ටික මහ ජාතියට මඩ තවරලා ඉවර කර ගත්තා..
ඊළඟට හැංගෙන්න තිබෙන්නේ මෝචරියේ හෙවත් මිනී කාමරේ. අන්න ගියොත් හොඳ තැන.
ඊළඟට කොහෙද දන්නේ නැහැ හැංගෙන්න තිබෙන්නේ.
බෙහෙත් මිල අඩු කළා කියලා බාල බෙහෙත් වල මිල ඉස්සුවා. අන්තිමට තත්වයෙන් ඉහල බෙහෙත් ලංකාවට එන එකත් නැති කළා ..පිළිකා බෙහෙත් ගැන වෙනම කතා කරන්න පුළුවන්.
රාජිත ඉන්න තැන දවස් දෙකක් යනකන් දැනගන්න බැරි බුද්ධි අංශයි ආරක්ෂක අංශයි රට රකින විරුවයි එයාගෙ ගෝලයො රොත්තයි ආයෙ සහරාන්ලගෙ වගේ ප්‍රහාරයක් වෙන එක නවත්වන්නෙ කොහොමද කියලයි ප්‍රශ්නෙ....?
අත්හදා බැලීමක් නොකළ පිළිකා එන්නතක් රුසියාවෙන් ගෙනත් ලංකාවේ පිළිකා විශේෂඥයින්ගේ විරුද්ධත්වය මත රෝගීන්ට නිර්දේශ කලේ ඔබ කියන ඔය නිකම්ම නිකම් "දත් දොස්තර"යි. රවීන් මහතාගේ ඉහත ප්‍රකාශයට පිළිතුරකි. ලංකාවේ පිළිකා රෝගීන්ට රජයේ රෝහල්වලින් නොමිලේ ප්‍රතිකාර කළේ එක්තරා උපරිම වියදම් සීමාවක් දක්වා පමණයි. ඒ සීමාවෙන් එහාට අවශ්‍ය ප්‍රතිකාර සඳහා වන වියදම් රෝගියා විසින් දැරිය යුතුව තිබුණා. මේ සීමාවන් ඉවත්කර පිළිකා රෝගීන්ට සියළු ප්‍රතිකාර නොමිලේ ලබාදීමට කටයුතු කළේ රාජිත. ඒ් නිසා ඔහු සැබැවින්ම පිළිකා රෝගීන්ගේ ගැලවුම්කරුවෙකි. ඔබ කියන ලංකාවේ පිළිකා විශේෂඥයින්ගේ කුහකත්වය පසුගිය දිනවල මුළුරටම දැන ගත්තා. දේ්‍ශපාලන කටයුතුවලදී රාජිත 100% නිවැරදි නැතත් සෞඛ්‍ය ඇමති හැටියට ඔහුගේ දොස් දකින්නේ දොස්තර සංගමය විතරයි. ඒ ඔහු එම සංගමයේ පදයට නැටුවේ නැති එකම සෞඛ්‍ය ඇමතිවරයා වීම නිසයි...