(නිමන්ති රණසිංහ)
සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමා අත්අඩංගුවට ගැනීම වළක්වමින් ඇප මත මුදාහරින්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නැවත අපේක්ෂිත ඇප අයැදුම්පතක් අද(20) අධිකරණයට ඉදිරිපත් කර ඇත.
ලබන සඳුදා(23) එම ඉල්ලීම සළකා බලන ලෙසට එම අයැදුමෙන් ඉල්ලා ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ(19) හිටපු අමාත්‍යවරයා අධිකරණය හමුවේ ඉදිරිපත් කළ අපේක්ෂිත අයැදුම්පත අද(20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ප්‍රතික්ෂේප කරනු ලැබීය.
ඒ අත්අඩංගුවට ගැනීම කුමන වරදක් මත සිදුකරයිද යන්න පැහැදිලිව පෙත්සමේ සඳහන් කර නොමැති වීම හේතුවෙනි.
ඡායාරූප - ගයාන් අමරසේකර


COMMENTS
හොඳටම බය වෙලා වගෙයි ඉන්නේ... අනුන් බිල්ලට දමා තමන් පමණක් රැකවරණය ලබා ගැනීම...
බොරුව කෙරුවා මදිවට, තමාගේ අයැදුම්වත් හරියට ලියාගන්න පෙරකදොරුවෙක් හොයාගන්න බැරි කෙනා, කොහොම දත් දොස්තර විභාගය පාස් කළාද මන්දා...? අනුන් නීති විභාග පාස් කරපු හැටි කියවන මේ මිනිහා, මට නම් පෙනෙන්නේ කාට හරි කියලා විභාගය ලියවාගෙන වගේ...
කටකාරයා බය වෙලා තියෙන තරමක්...
මොහු සති අන්තයේදීම හිර භාරයට ගනීවි කියලා හොඳටම බයවෙලා. හොඳ වැඩේ කළකම් පලදේ.
සුදු පිරුවට ඇඳගෙන, රටට වින කරන මෙවැන්නන් හට කිසිම සමාවක් දිය යුතු නැත...
කිසිම වරදක් නොකළ මේ අහිංසකයාට ඇයි මෙහෙම කරදර සිද්ද වෙන්නේ? එහාට මෙහාට පැනලා අන්තිමට නැවතුණු තැන වැරදුණාද?
මොකද ලොක්කා වුනේ කෙළවුණා නේද? ඔහේලාගේ වැරැද්ද ඔහෙලා ප්ලෑන් කරන්නේ නැහැ.. වැරදුනොත් මේකද කරන්නේ කියලා. ඉංග්‍රීසියෙන් කියනවා "හෝප් ෆොර් ද බෙස්ට් ප්ලෑන් ෆොර් ද වර්ස්ට්" අපි එහෙමයි ලොක්කෝ. දැන් ගලේ පහරපු බළලා වගේ වැරදි වහ ගන්න බැරුව පින්සෙන්ඩු වෙනවා. අපි ආසයි ඔබ දඬුවම් විඳිනවා බලන්න.
මාලුවා නහින්නේ කට නිසා කියලා කතාවක් තියෙනවා. උනුත් එකයි, මුනුත් ඒකයි බලන් ගියාම....
මේ අය ඉක්මණට ඇතුළට දාන්නේ නැත්තේ ඇයි?
අපි කිව්වා මේ ආණ්ඩුව ආපු හැටියේ පළිගන්නවා කියලා. හරි නේද? මෙගා ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරලා කරගත්ත දෙයක්.. දැන් කියපල්ලා පලිගන්නවෝ කියලා...ගිහින් එන්න කළින් දුන්නු ඇඩ්‍රස් එකට අවුරුදු ගාණක් සැප ගන්න. කළකම් පළදේ.. බුදුදහම යනු එයයි.
මමත් නොඉවසිල්ලෙන් බලන් ඉන්නේ ඔබතුමා ජම්පර් එක අදින්නේ කොහොමද කියලා. අපි ප්‍රාර්ථනා කරනවා දෙදහස් විස්සේ ඉඳලා විසිපහ වෙනකම් ජම්පර් එක අඳින්න ලැබේවා කියලා...
හොරාට කලින් වැට පැනලා.
චතුර පුතාගෙන් උපදෙස් ගත්තේ නැද්ද? එයාගෙන් උපදෙස් ගත්තා නම්, වරදින්නේ නැහැ. එයා අවුරුදු හතරේදී පෙර පාසලේ පෙළපාලි ගියා. චන්ද්‍රිකාට උපදෙස් දුන්නා.
යූ.එන්.පී පරාජයට මොහු වැන්නන්ගේ ක්‍රියා බෙහෙවින් දායක වුණා.
රාජිත මන්ත්‍රීතුමනි, අපිට ඉවසිල්ලක් නැහැ. ඔබතුමාත් පාඨලී ගිය මගම යවනකම් මොකද බේරුවල අපි දන්නවා. ඔබ කව්ද කියන්න.
ඕකට හොඳම බේත අර පැත්තට පනින එක...
කළ දේ පලදේ. ඒක කාටත් පොදුයි.
චෝදනා කීපයකටම කලින්තියා ඇප ඉල්ලන්න සිදුවෙනවා
මම නම් කැමතියි මේ වැඩේට... වැලිකඩ පෙන්න පෙන්න මාස තුන හතරක් තිබ්බම කොහොමද සනීපේ..?
අයදුම්පත වෙනුවට දෙන්නටම එකම කාමරේ ඉන්න දෙන්න කියලා අයදුම්පතක් ඉදිරිපත් කළානම් වැඩේ හරියන්න ඉඩ තියෙනවා...
මෙයාලටත් අවුරුදු 5 ඔය විදිහට ඉන්න පුළුවන්, මහපවුලේ කාණ්ඩේ හිටියා වගේ...
අනේ.. සෑහෙන්න බයවෙලා වගේ.. අපි බලාගෙන ඉන්නේ මෙයාව ඉක්මණටම දාන්න. ඇතුළේ අය බලාගෙන ඉන්නවා මෙයා එනකම්...
අර ඩුබායි බැංකුවේ තියෙනවයි කියන ඇහැටත් දැක්කයි කියන රාජපක්ෂලාගේ ඩොලර් බිලියන 18 ගැන ආයෙමත් කියවන්නකෝ... ආසයි අහගෙන ඉන්න.
රනිල් වික්‍රමසිංහ නෝනත් එක්ක ඉන්දියාවේ ඌටි වලට ගියාලු. " ද හින්දු" පත්තරේ කතෘ තුමාගේ ආරාධනාවකටලු ගියේ. සමහරවිට අර ලැයිස්තුවේ රාජිතට පස්සේ එයාගේ නම තියෙනවා කියලා කවුරු හරි කීවාවත්ද?. අපොයි කර ගත්ත දෙයක්.
මීට වඩා හොඳයි මැරෙන එක...
නියමයි. ඇතුළටම දාලා වහන්න. වැඩේ කියන්නේ ඔවුන්ට තවමත් කඩේ යන සෙට් එකක් ඉන්න එකයි.
මේ වගේ දුර්ජනයින් වෙනුවෙන් පෙනීසිටින භික්ෂූන් වහන්සේලාගේ හිරිකිත ක්‍රියාව මහත් අප්‍රසන්නයි...
නඩු අහඅහා කාලය නාස්ති කරන්නේ නැතුව කිඹුලෙකුට දැන් දුන්නා නම් හොඳයි...
තව හිනාත් වෙනවා. ලැජ්ජාවක් ගෑවිලාවත් නැහැ.
විලිලැජ්ජ නැතිකම තමයි..! ලොකු වැඩක් කරලද මේ අත වනන්නේ? වපුරපුවා හොඳට ලැබෙයි. අසරණ පිළිකා රෝගීන්ට කරපු දේවල්, බෙහෙත් මිල වැඩිකරලා...
මෙයා හිතන්නේ මෝඩයින් කියලා. ටොන් 7000ක රත්තරන් කියන්නේ අඩි 40 කන්ටේනර් ලෝඩ් 400ක්... මේක හෝඩියටවත් ගිය නැති එකෙක්වත් විශ්වාස කරන්නේ නෑ...
මේ ගොල්ලන් අපිව ගොනාට අන්දවන්නේ නැතුව 2015 ඡන්දෙට කලින් දීපු පොරොන්දු ඉෂ්ඨකළා නම් මෙහෙම ලතවෙන්න සිදුවෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් බැලුවාම මේ ගොල්ලන් සුදු වෑන් සිද්ධියක් මුල් කරගෙන රිමාන්ඩ් කරන්න යන එක විහිළුවක්..., මොහු පසුගිය අවුරුදු 10-15 කාලයේ විශාල වංචා, දූෂණ සිදුකරලා තිබෙනවා. මහජන දේපල අයථා ලෙස පරිහරණය කරලා තිබෙනවා.. ඒවා ගැන කවුරුත් දැන් කතා නැහැ.
විපතටපත් අයව මානසිකව වට්ටන්න එපා. ඔවුන් වරදක්කර ඇත්නම් ඔවුන්ම මානසිකව ඇද වැටේවි... කුමන හෝ කරුණක් නිසා ඔවුන්ගේ සිතුවිලි මෙත්මගට යොමුවේවායි අපි මෙත්සිතින් ප්‍රාර්ථනා කරමු. ඔබ සැමට ස්තුතියි.
තමන් වරදක් කරලා නැත්නම් මොකෝ මේ තරම් බයවෙලා...? නීතිය කාටත් පොදු නිසා එහෙම ගැලවෙන්න දෙන්න එපා...
රාජිතව ඉක්මණින් අත්අඩංගුවට ගත යුතුයි.