( තිළිණි ද සිල්වා )
කොළඹ රාජගිරිය ප්‍රදේශයේ රුපියල් කෝටි 100 ක් ආයෝජනය කරමින් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇතැයි එම මණ්ඩලය කියා සිටී.
මෙම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම වෙනුවෙන් ආයෝජනය සයිනෝ ලංකා සමාගම කටයුතු කරන අතර මහල් පහකින් සමන්විත වර්ග අඩි 40000ක වපසරියකින් යුතු මෙම ව්‍යාපෘතියේ මහල් තුනක් කාර්යාල හා වානිජ කටයුතු වෙනුවෙන්ද ඉහල මහල් සුපෝඛභෝගී හෝටලයක් මෙම ව්‍යාපෘතිය හරහා ඉදි කෙරෙන බවද අයෝජන මණ්ඩලය සදහන් කරයි.
සයිනෝ ලංකා සමාගම ආගන්තුක සත්කාරය, අධ්‍යාපනය, පුනර්ජනනීය බලශක්තිය සහ දේපල සංවර්ධනය වැනි ව්‍යාපාරයන්හි නිරත සමාගමකි.
අදාළ ගිවිසුම් අත්සන් කිරීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා වෙනුවෙන් එහි අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයින් වන ආචාර්ය හර්ෂ කබ්රාල් ,සංජය කුලතුංග සහ සයිනෝ ලංකා සමාගමේ අධ්‍යක්ෂ ඩිරෙන් කුන්ඩන්මාල් මහතා අතර සිදු වූ අයුරු ඡායාරූපයේ දක්වේ.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පසන් වනිගසේකර මහතාද මෙහි සිටී.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.