(දයාසීලි ලියනගේ)
රේගු ආඥා පනත, විනිමය පාලන පනත, ආනයන - අපනයන පාලන පනත ආදියෙහි පාලනයකින් තොරව නිදහසේ භාණ්ඩ ආනයනය හා අපනයන කිරිමට අවශ්‍ය නීතිමය පසුබිම ලබාදී ඇති ගැසට් පත්‍රය වහාම අවලංගු කරන ලෙස සමස්ත ලංකා රේගු සේවා සංගමය මුදල් අමාත්‍යංශයෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.
අපද්‍රව්‍ය අඩංගු බහාලුම් මෙරටට ගෙන්වා ඇත්තේ මෙම ගැසට් නිවේදනයෙන් ලබාදී ඇති බලතල අනුව යැයි සමස්ත ලංකා රේගු සේවා සංගමයේ ලේකම් ජේ.ඒ.ගුණතිලක මහතා සිය ලිපියේ සදහන් කර ඇත.
මෙම ගැසට් පත්‍රයෙන් සිදුවී ඇත්තේ නීත්‍යනුකුල වෙළදාම පහසුකම් සලසනවා වෙනුවට රටට, ජනතාවට ආර්ථීකයට, පාරිසරික පද්ධතියට විනාශකාරී ජාවාරම්කරුවන්ට ඉඩකඩ විවෘතවීම බවද එහි සඳහන් කර ඇත.
වියට්නාමයෙන් ගම්මිරිස් ගෙන්වා ඒවා මෙරට ගම්මිරිස් ලෙස ප්‍රතිඅපනයනය කර මෙරට ගම්මිරිස් වෙළඳාම විනාශ කරන ලද්දේ ද මෙම ගැසට් පත්‍රය උපයෝගී කර ගෙන බවද එහි සඳහන් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බදු ගෙවන පුරවැසියන් හැටියට අපට දැනගනීමට හැකියාවක් තිබේද " අපනයන පාලන පනත ආදියෙහි පාලනයකින් තොරව නිදහසේ භාණ්ඩ ආනයනය හා අපනයන කිරිමට අවශ්‍ය නීතිමය ලියකියවිලි සකස් කර ගැසට් " කිරීම අනුමත කල ගොන් බුරු තකතිරුවන් කව්ද කියල...ස්ථිර වශයෙන්ම " දේශපාලුවොත් " මෙම ජඩ වැඩේට සම්බන්ද ඇතිනේ එම රිලව් ගේත් නම් ගම් පල කරන්නේනම් අප එය අගය කරන්නෙමු.
මෙම ගැසට් පත්‍රයෙන් අදහස් කලේ අමු ද්‍රව්‍ය බදු නැතුව ලංකාවට ගෙනත් නිමි භාණ්ඩ හැටියට අපනයනය කිරීම විශාල රැකියා ප්‍රමාණයක් ඇති කරන්න පුළුවන් නිසා. අනිකුත් ආසියාතික රටවලුත් මේ ක්‍රමය භාවිත කරනවා. නමුත් ඒකේ පිහිටෙන් හොර ජාවාරම්කාරයෝ කුණු ගේන්නත් පටන් ගත්තා විදේශ වලින් ලැබෙන ඩොලර් පවුම් නිසා. කුණු කොහොමද නැවත ප්‍රති අපනයනය කරන්නේ. මුලික වැරැද්ද රේගුවට ආනයනය කරන භාණ්ඩ පරික්ෂා කිරීමේ සම්පුර්ණ බලතල නොදී තිබීම.
රවීන්ද්‍ර මයා ආරංචියේ හැටියට මෙම ගැසට්පත්‍රය නිකුත්කරල තියෙන්නේ 2013 වසරේ හිටපු මුදල් ඇමතිතුමා. එතුමාත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාත් කවුද සොයා බලන්න.