IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


රේගු සේවා සංගමයෙන් මුදල් අමාත්‍යංශයට ලිපියක්

(දයාසීලි ලියනගේ)

රේගු ආඥා පනත, විනිමය පාලන පනත, ආනයන - අපනයන පාලන පනත ආදියෙහි පාලනයකින් තොරව නිදහසේ භාණ්ඩ ආනයනය හා අපනයන කිරිමට අවශ්‍ය නීතිමය පසුබිම ලබාදී ඇති ගැසට් පත්‍රය වහාම අවලංගු කරන ලෙස සමස්ත ලංකා රේගු සේවා සංගමය මුදල් අමාත්‍යංශයෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.

අපද්‍රව්‍ය අඩංගු බහාලුම් මෙරටට ගෙන්වා ඇත්තේ මෙම ගැසට් නිවේදනයෙන් ලබාදී ඇති බලතල අනුව යැයි සමස්ත ලංකා රේගු සේවා සංගමයේ ලේකම් ජේ.ඒ.ගුණතිලක මහතා සිය ලිපියේ සදහන් කර ඇත.

මෙම ගැසට් පත්‍රයෙන් සිදුවී ඇත්තේ නීත්‍යනුකුල වෙළදාම පහසුකම් සලසනවා වෙනුවට රටට, ජනතාවට ආර්ථීකයට, පාරිසරික පද්ධතියට විනාශකාරී ජාවාරම්කරුවන්ට ඉඩකඩ විවෘතවීම බවද එහි සඳහන් කර ඇත.

වියට්නාමයෙන් ගම්මිරිස් ගෙන්වා ඒවා මෙරට ගම්මිරිස් ලෙස ප්‍රතිඅපනයනය කර මෙරට ගම්මිරිස් වෙළඳාම විනාශ කරන ලද්දේ ද මෙම ගැසට් පත්‍රය උපයෝගී කර ගෙන බවද එහි සඳහන් කර ඇත.



අදහස් (4)

රේගු සේවා සංගමයෙන් මුදල් අමාත්‍යංශයට ලිපියක්

Raveendra Tuesday, 23 July 2019 10:24 AM

බදු ගෙවන පුරවැසියන් හැටියට අපට දැනගනීමට හැකියාවක් තිබේද " අපනයන පාලන පනත ආදියෙහි පාලනයකින් තොරව නිදහසේ භාණ්ඩ ආනයනය හා අපනයන කිරිමට අවශ්‍ය නීතිමය ලියකියවිලි සකස් කර ගැසට් " කිරීම අනුමත කල ගොන් බුරු තකතිරුවන් කව්ද කියල...ස්ථිර වශයෙන්ම " දේශපාලුවොත් " මෙම ජඩ වැඩේට සම්බන්ද ඇතිනේ එම රිලව් ගේත් නම් ගම් පල කරන්නේනම් අප එය අගය කරන්නෙමු.

:       1       274

ඩඩ්ලි Tuesday, 23 July 2019 11:34 AM

මෙම ගැසට් පත්‍රයෙන් අදහස් කලේ අමු ද්‍රව්‍ය බදු නැතුව ලංකාවට ගෙනත් නිමි භාණ්ඩ හැටියට අපනයනය කිරීම විශාල රැකියා ප්‍රමාණයක් ඇති කරන්න පුළුවන් නිසා. අනිකුත් ආසියාතික රටවලුත් මේ ක්‍රමය භාවිත කරනවා. නමුත් ඒකේ පිහිටෙන් හොර ජාවාරම්කාරයෝ කුණු ගේන්නත් පටන් ගත්තා විදේශ වලින් ලැබෙන ඩොලර් පවුම් නිසා. කුණු කොහොමද නැවත ප්‍රති අපනයනය කරන්නේ. මුලික වැරැද්ද රේගුවට ආනයනය කරන භාණ්ඩ පරික්ෂා කිරීමේ සම්පුර්ණ බලතල නොදී තිබීම.

:       0       1

ලංකෝනිස් Tuesday, 23 July 2019 01:32 PM

රවීන්ද්‍ර මයා ආරංචියේ හැටියට මෙම ගැසට්පත්‍රය නිකුත්කරල තියෙන්නේ 2013 වසරේ හිටපු මුදල් ඇමතිතුමා. එතුමාත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාත් කවුද සොයා බලන්න.

:       0       1

RaveendraWednesday, 24 July 2019 01:00 AM

මෙවන් ගොන් යක්කු 225 නේද අප රට පාලනය කරන්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 16 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 863 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2496 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site