(ඉන්දිකා රාමනායක)
රාගම අවට ප‍්‍රදේශයේ මහපරිමාණයෙන් මත්කුඩු බෙදාහැරීමේ නිරත ‘‘රාගම ආමි සංඛ’’ නැමැත්තා හමුදා නිළ ඇදුම් කට්ටල හතරක් හොරොයින් ග‍්‍රෑම් 2 ට ආසන්න ප‍්‍රමාණයක් සමඟ විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකක නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.
පොලිසිය මඟ හරිමින් තැන තැන සැඟව සිටින මෙම සැකකරු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු අනුව ඔහු ති‍්‍රරෝද රථයකින් යමින් සිටියදී රාගම ප‍්‍රදේශයේ අත්අඩංගුවට ගෙන තිබිණි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු සතුව යුද හමුදා කෑලෑ ඇදුම් කට්ටලයක් හා හෙරොයින් ග‍්‍රෑම් 2 ට ආසන්න ප‍්‍රමාණයක් තිබී ඇත.
සැකකරුගේ ප‍්‍රකාශ මත රාගම ප‍්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේ දී එහි තිබී තවත් හමුදා නිළ ඇඳුම් කට්ටල තුනක් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන ඇත.
මෙම සැකකරු මීට වසරකට පෙර හමුදාවෙන් පලා ගොස් ඇති අතර ඔහු සතුව ඇති හමුදා නිළ ඇඳුම් කොල්ල කල්ලි වෙත ලබා දෙන බවට විශේෂ කාර්ය බළකාය වෙත තොරතුරු ලැබී ඇත.
පුද්ගලයකු කඩුවෙන් කොටා තුවාල සිදුකිරීම, හොරොයින් ජාවාරම සම්බන්ධයෙන් සැකකරුට නඩු පවතින බවද විශේෂ කාර්ය බළකාය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුද්දාගේ යුධ නීතියට අනුව හමුදාවෙන් පැන මැරකම් වලට යෙදෙනාවුන්ව වෙඩිතබා මරනවා. මෙවන් උන්ට එවන් දඬුවමක් දෙන්නේ නම් රට මේ හැතිකරයගෙන් බේරා ගැනීමට හැකිවේවි. සාමකාමී ජනයාට මෙන් මොවුන්ට සිවිල් නීතිය යෙදවීම නොකරන්නේ නම් කොතරම් අගනේද ?
රණ විරුවන්ට අත නොතබනු.