ඉන්දිකා රාමනායක
තලංගම වේලේ කඩේ හන්දිය ප්‍රදේශයේ දී අද (19) අලුයම මාරක රිය අනතුරක් සිදුකර පළා යමින් සිටි රංගන ශිල්පියකු වන කාවිංග පෙරේරා තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් පිරිසක් මාර්ගයේ නඩත්තු කටුයතුවල නිරත වෙමින් සිටියදී ඉන් එක් සේවකයකු අලුයම සැකකරුගේ මෝටර් රථයේ ගැටී බරපතල තුවාල ලබා මිය ගිය බව පොලිසිය කියයි.
සිද්ධියෙන් පසු මෝටර් රථය නොනවත්වා ධාවනය කරමින් සිටියදී මාර්ගයේ සිටි පිරිස් විසින් නවත්වාගෙන ඇත.
සැකකරු අද (19) කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ ආදර්ශමත් රංගන ශිල්පින්.
කියන්නේ නම් අපි හරි සංවේදී අහිංසක කලාකරුවෝ කියලා.
දැඩි දඬුවම් දිය යුතුයි.
කමක් නැහැ. හිරේ යන එක ඡන්දෙ ඉල්ලන්න අමතර සුදුසුකමක්. මතක ඇතුව මාංචු දාපු අත් උස්සල පොටෝ එකක් ගන්න.
අර අනිත් නලාකාරයෝ අතරටම ගිහින් මෙයාටත් දැන් ඡන්දෙ ඉල්ලන්න සුදුසුකම් ලැබිලා වගේ.
මෙය මොහුගේ වරදක් පමණක් නොවෙයි. මෙය අප රටේ පුරුද්ද. හික්මීමක තරම. නීතිය පිළිපදින පිළිවෙල ආදියෙහි පිළිබිඹුවක්. සතෙක් මැරුණම තියෙන සංවේදී බව මනුස්සයෙක්ට නැතිබව ඉතා පැහැදිලියි. හැබැයි හප්පුනම දුවල පැනල ඉස්පිරිතාලේ අරන් යනවට වඩා ප්‍රවේසමෙන් වාහන එළවේවොත් ගොඩක් අනතුරු වළක්වා ගන්න පුළුවන් කියන එකයි මගෙනම් අදහස.
කවුද කියන්නේ වර්තමානයේ අපේ රටේ කලාකාරයෝ ඉන්නවා කියලා. කෝලම් කාරයෝ රැලක් නම් ඉන්නවා. අපිට නම් අප්පිරියයි.
අපෝ හෙට වෙනකොට පස්ස දොරෙන් එළියට ඒවි. මීට කලින් අනියම් බිරිඳගේ සැමියාට පොලු පහර දීපු සංවේදී කලාකරුවන් බේරුණ රටේ මේවා පුදුමයක්ද ?
එළාර රජතුමා හිටියනම් හරි දඩුවම් දෙයි.
මාර්ග නඩත්තු කටයුතු වලදී අවශ්‍ය ප්‍රමිතීන්ට මාර්ග බාධක පැනවීම් විශේෂ විදුලි දහරා යෙදවීම , දුර තියා පුවරු සවිකිරීම් ආදී දියුණු රටවල සිදුකරන ආරක්ෂණ ක්‍රම නොදන්නා මාර්ග අධිකාරින්ගේ අවධානය මෙහිදී යොමු කිරීම වටිනවා සිද්ධිය සිදුවී පලායාම මේ සොදුරු කලාකරුවාගෙන් කවුරුත් බලාපොරෝත්තු වන්නේ නැහැ. මියගිය අයගේ පවුලේ සැමට අපේ කණගාටුව ප්‍රකාශ කරමි.