IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රැකියා විරහිත උපාධිධාරීන්ගේ අයැඳුම්පත් 14වැනිදාට පෙර එවන්න

(නාලක සංජීව දහනායක)         
 

රැකියා විරහිත උපාධිධාරීන්ට හා ඩිප්ලෝමාධාරීන්ට රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ සුදුසුකම් සපුරා තිබෙන අපේක්‍ෂිතයන් සිය අයැඳුම්පත‍්‍ර පෙබරවාරි 14 වැනිදාට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයට යොමුකළ යුතු බව එම කාර්යාලය නිවේදනය කරයි.
 
අදාළ අයැඳුම්පත‍්‍ර ජනාධිපති ලේකම් කාර්යාලයේ http://www.presidentsoffice.gov.lk  වෙබ් අඩවියේ පළකර ඇත.
 
තෝරාගනු ලබන උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් සඳහා දිස්ත‍්‍රික්ක පදනමින් පත්වීම් ලබාදෙන අතර පළමු පත්වීම ලබන දිස්ත‍්‍රික්කය තුළ වසර පහක කාලයක් අනිවාර්යයෙන්ම සේවය කළ යුතුවේ. ඔවුන් වසරක පුහුණු කාලයකට යටත්වන අතර අදාළ කාලය තුළ රුපියල් 20,000ක දීමනාවක් ගෙවනු ලබන බවද ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
 
එම උපාධි පාඨමාලාව 2019.12.31 වැනි දිනට සම්පූර්ණ කර තිබිය යුතුවේ. රැකියා අපේක්‍ෂිතයන් වයස අවුරුදු 35ට නොවැඩි විය යුතු අතර අයැඳුම්පත ඉදිරිපත් කරනු ලබන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචිකරුවකු විය යුතුය. එමෙන්ම ආසන්න වශයෙන් වසර අවුරුදු තුනක කාලයකදී රැකියාවක නිරත නොවූ පුද්ගලයකු විය යුතු බවද එම එහි සඳහන් කර තිබේ.
 
නිසි පරිදි සම්පූර්ණ කළ අයැඳුම්පත් උපාධි සහතිකය හෝ ඩිප්ලෝමා සහතිකය සහ ප‍්‍රතිඵල ලේඛනයේ ඡායා පිටපතක් (මුල් පිටපත් අනුව, සසඳා) සාමදාන විනිශ්චයකාරවරයකු / නීතීඥයකු විසින් සත්‍ය පිටපතක් බව සහතික කර මේ මාසයේ 14 වැනිදාට පෙර තැපැල් දෙපාර්තමේන්තුවේ ස්පීඩ් කුරියර් සේවාව මගින් ජනාධිපති ලේකම් කාර්යාලයට යොමුකළ යුතුවේ. එම දිනට පසුව ලැබෙන අයැඳුම්පත් ප‍්‍රතික්‍ෂේප කරනු ලැබේ.
 
නිසි ලෙස සකස්කළ අයැඳුම්පත‍්‍ර රැකියා විරහිත උපාධිධාරීන්/ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන 2020, ආයතන කළමනාකරණ සහ සම්බන්ධීකරණ අංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, ගාලු මුවදොර, කොළඹ -01 යන ලිපිනයට යොමුකළ යුතු බවද ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

අදාළ රැකියා අපේක්‍ෂිතයා උපාධිධාරියෙකු නම් අයැඳුම්පත‍්‍රය යොමුකරනු ලබන ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවර ‘උපාධිධාරී’ ලෙස සටහන් කර දිස්ත‍්‍රික්කයේ නම සඳහන් කළයුතු අතර ඩිප්ලෝමාධාරියෙකු නම් ‘ඩිප්ලෝමාධාරී’ ලෙස සටහන් කර දිස්ත‍්‍රික්කයේ නම සඳහන් කළයුතු වේ.
 
තෝරාගනු ලබන පිරිස අධ්‍යාපන අමාත්‍යංශය (ග‍්‍රාමීය හා වතු පාසල්) වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව, දේශීය ආයූර්වේද දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යංශය (ග‍්‍රාමීය රෝහල් / ඩිස්පෙන්සරි), මිනුම්දෝරු දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සුළු අපනයන භෝග දෙපාර්තමේන්තුව, තක්සේරු දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව යන ක්‍ෂේත‍්‍රවල සේවාවන්හි නියුක්ත කිරීමට නියමිතය.



අදහස් (4)

රැකියා විරහිත උපාධිධාරීන්ගේ අයැඳුම්පත් 14වැනිදාට පෙර එවන්න

darshana Thursday, 06 February 2020 06:01 PM

ඔය දාලා තියෙන ලින්ක් එක වැඩ කරන්නේ නැහැ.

:       5       45

ciaFriday, 07 February 2020 04:08 AM

මොකක්ද මේ අවුල මේ තියෙන වෙබ් එකට ලොග් වෙන්න බෑනේ.

:       2       2

wedage Friday, 07 February 2020 04:28 AM

ඉතාම කණගාටුදායක තත්වයක් රුපියල් විසිදාහක දීමනාවකින් මාසයක් ගෙවන්න ඇදුම් පැළදුම් බස් ගාස්තු නිවාස කුලී ආණ්ඩුවෙන් දෙනවද අවරුදු හතරක් විතර විශ්ව විද්‍යාල වල ඉගෙනගෙන ?

:       0       4

KUSUMA Monday, 10 February 2020 04:49 AM

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අද ඒ ගැන දෙවෙනි මාසේ 10 වැනිදා අලුතෙන් ඇප්ලිකේෂන් එකක් දාලාලු ඒකගන්න ඒ වෙබ්සයිට් එකට ලොග් වෙන්න බෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 93 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 896 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site