IMG-LOGO

‘‘රැකියාව කරන්න දුන් සහන අවභාවිතා කළොත් ඒ ගැන සිතන්න වෙනවා‘‘

(සුජිත් හේවාජුලිගේ )

ජනතාවගේ සහ විවිධ රැකියා කරන්නන්ගේ පහසුව සඳහා ලබාදුන් යම් යම් සහන සහ විවිධ නීති ලිහිල් කිරීම් යළි සලකා බැලීමට හා සමාලෝචනය කිරීමට සිදුවන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය .

ජනතාවගේ සහ විවිධ රැකියා කරන්නන්ගේ පසුව සඳහා ලබා දී ඇති සහන සහ නීති ලිහිල් කිරීම් අව භාවිතා කරන තත්ත්වයක් පෙනෙන්නට තිබෙන බවත් එලෙස අවභාවිතා කිරීමෙන් වළකින්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය .

එසේ කටයුතු කළහොත් කොවිඩ් පාලනය දුෂ්කර වනු ඇතැයිද යුද හමුදාපති වරයා ප්‍රකාශ කළේය.

බොහෝ දෙනකුගේ හැසිරීම යහපත් වුවද සමහරුන්ගේ හැසිරීම් ඉතාමත් නරක බව පැවසූ ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රධාන මාර්ග කිහිපයක ජනයාගේ තරමක වැඩි වීමක් ඊයේ දක්නට ලැබුණු බවද සඳහන් කළේය .

මේ තත්වය වැළැක්වීම සඳහා අදාළ අංශ සමග සාකච්ඡා කර විධිමත් වැඩපිළිවෙළක් කඩිනමින් හඳුන්වාදීමට කටයුතු කරන බවද ඔහු පැවැසුවේය .

සෞඛ්‍ය නීති අනුගමනය කරමින් නිවෙස්වලටවී කටයුතු කරන සියලු ජනතාවට ස්තුතිය පුද කරන බවත් කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා ජනතාවගෙන් ලැබෙන සහය ඉතා වැදගත් බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය

 



අදහස් (8)

‘‘රැකියාව කරන්න දුන් සහන අවභාවිතා කළොත් ඒ ගැන සිතන්න වෙනවා‘‘

සමිත සේනක අලුත්ගමගේ. Monday, 31 May 2021 10:16 AM

හමුදාපති තුමා, යූ ටියුබ් එකේ ' ඊළාම් වීව් ' යනුවෙන් සඳහන් වීඩියෝ චිත්‍රපටයක් සංසරණය වෙනවා. මෙය බැලීමෙන් ආපසු මේ රටේ භයානක දේවල් වේවිද කියන්න දන්නේ නැහැ. මෙය තහනම් කිරීමට කිසියම් පියවරක් ගෙන තිබේද?

:       4       4

Aruna Monday, 31 May 2021 10:22 AM

ස්තුතියෙන් නීතිගරුක මිනිස්සුන්ගේ කැපවීම බල්ලට දාන්න එපා මහත්තයෝ.. අපි අැර හැමෝම පාරේ - මේක නීති රැක්ක අපට කරපු අපහාසයක්..

:       9       20

fairoos Monday, 31 May 2021 10:58 AM

නීතිය කඩන සුලු පිරිසක් නිසා මුළු ජනතාවම ව කියන්න ඔනි නැ

:       3       10

Sri Lanka Monday, 31 May 2021 11:50 AM

නීතිය ලැබුණා කියලා මිනිස්සුන්ව තලාපෙලා දාන්න එපා... හොයලා බලන්න කවුරුහරි ඔය පාස් මුවාවෙන් කුඩු ඇද්දද කියලා... ඒවාට දඬුවම් දෙන්න.

:       0       0

දිසා....ගම්පහ. Tuesday, 01 June 2021 05:02 AM

මාසයක කාලයක් රට පුරා ඇඳිරි නීතිය පනවා දැඩිව ක්‍රියාත්මක කළොත් පමණක් කොරෝනා ව්‍යාප්තියට විසඳුමක් වේවි. රටේ වැඩි දෙනෙකුට අවශ්‍ය සංචරණ නීති සුරැකීම නොව මුදල් රැස් කිරීම පමණකි. මුදල් රැස් කිරීමට ජීවත්ව සිටිය යුතු නොවේද?

:       0       1

Rata Perata Tuesday, 01 June 2021 06:11 AM

තමනුත් මේක හොඳට හිතට ගත්තොත් හොඳයි.. අපි පඩි, වෙන සහන වගේ දීලා තියෙන ඒවාට අමතරව ඔය තනතුර අවභාවිතා කරන්න එපා.

:       0       1

විපරමා Tuesday, 01 June 2021 06:35 AM

ඇයි ජනතාව විතරක්? සමහර දේශපාලුවන්.., බලපුලුවන්කාරයින් කරන්නෙත් ඔය ටිකමනේ..!!! 

:       0       0

ජිමා Tuesday, 01 June 2021 04:01 PM

ගොඩාක් අවභාවිතා වෙනවා. මාත් වාරියපොල ඉඳන් දඹුල්ලට හැමදාම වගේ බයික් එකේ යන්නේ... මොකද අත්‍යාවශ්‍ය සේවාවක නිරතවන නිසා. ලියුම තිබ්බාට එ් වගේ තියෙන නම්බර් වලට කෝල් කරලා බලන එකත් වැදගත්වෙයි ඉස්සරහට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 83 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 508 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 936 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site