(මහේෂ් කිර්තිරත්න)
නව රජයේ රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ රැකියාවක් ලබා දෙන පවසා කෑගල්ලේ සිට මාතලේට කාන්තාවක් ගෙන්වාගෙන ඇය ලැගුම්හලකට ගෙන ගොස් මත්විමට බිම වර්ගයක් ලබා දි රුපියල් ලක්ෂ තුනක් වටිනා රන් භාණ්ඩ කොල්ල කෑ අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගැනිමට පරික්ෂණ ආරම්භ කළ බව මාතලේ මුලස්ථාන පොලිසිය කියයි.
43 හැවිරිදි මෙම කාන්තාවට සැකකාර යුවළ කුරුණෑගලදි මුණගැසි ඇති අතර එහිදි කුරුණෑගලදි යමක් බිමට දි මත් කර මාතලේ අලුවිහාරස්ථානයට ගෙන ගොස් ඇති අතර පසුව ලැගුම්හලට රැගෙන ගොස් රන් භාණ්ඩ කොල්ලකා ඇති බව මුලික පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි තිබේ.
සැකකාර යුවළ අත් අඩංගුවට ගැනිමට පරික්ෂණ ආරම්භ කර ඇති අතර මාතලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි අනුරුද්ධ බණ්ඩාරනායක උපදෙස් රිදි මාතලේ මුලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක චානක ද සිල්වා මහතාගේ මෙහෙයවිම මත ආපරාධ විමර්ශනන ඒකකයේ පො.ප එස්.පි.එම් තිලකවර්ධන,පො.ප ප්‍රසන්න,උ.පො.පරික්ෂකවරුන් වන ඇනස්ලි,හෙට්ටිආරච්චි යන නිලධාරින් පරික්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 16
14
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
595
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රැකියාවක් දෙන බව කියා රවටා කාන්තාවකගේ රන්බඩු කොල්ල කාලා