(සුජිත් හේවාජුලිගේ)
කොරෝනා රැල්ලක් යළි ඇති වුණහොත් එය රටට දරාගත නොහැකි වනු ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවැසුවාය.
රට විවෘත කළ පසු යළි රැල්ලක් ඇති නොවීමට ජනතාව වගබලා ගත යුතු බව පැවසූ විශේෂඥ වෛද්‍යවරිය පෙර පුරුදු ආකාරයට හැසිරුණහොත් තත්වය අවදානම් වනු ඇතැයිද සඳහන් කළාය.
වයස 20 ට අඩු ජනතාව සහ 20ට වැඩි ජනගහනයෙන් සියයට විස්සක් එන්නත්කරණයට ලක්කර නැති හෙයින් ඔවුන් හරහා රෝගය පැතිරීමට ඉඩකඩ ඇතැයිද ගුණරත්න මහත්මිය පෙන්වා දුන්නාය.
සියලු දෙනා එකතුවී මෙම ගැටලූවට මුහුණ දිය යුතු බවද ඇය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙන් පේන්නෙ බටහිර විද්‍යාවට තවමත් මේකට හරි විසදුමක් නැහැ කියන එක .ඒකනෙ මේ අය ලෙඩේට බයේ හැංගෙන්නෙ. දේශීය/ආයුර්වේද ක්‍රම රටේ අඩපණ කරෙන්නේ එන්නත් වෙළෙඳපොළ මහ පරිමාණ ජාවාරමක් නිසා. දැනටමත් ඩොලර් මිලියන 100 ක් වගෙ රජය ඒ වෙනුවෙන් වියදම් කරලා තියෙනවා.
ගරු මැතිණියනි, දැනටමත් ඒක වෙලා අහවරයි. ඒකට කොරෝනා රැළි එන්න ඕන නැහැ. වසර හැත්තෑවක් කරපු ඒවයෙ ප්‍රතිපල දැන් ලැබෙනව.
කොච්චර කිව්වත් ඇතැම් පිරිස් සෞඛ්‍යාරක්ෂිත ක්රම අනුගමනය කරයිද යන්න ප්‍රශ්නයක් ...
ඔය ඔක්කොම රැළි හදන්නේ කොරෝනා කමිටි එකෙන්....