IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘‘යොහානිට අලුත් තනතුරක්‘‘

( තිළිණි ද සිල්වා)

'' මැණිකේ මගේ හිතේ '' ගීතය ප්‍රතිගායනා කිරීමෙන් ඉන්දියාව ඇතුළු ලොව පුරා රටවල් රැසක අතිශය ජනප්‍රියත්වයට පත් වූ නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා මෙනවිය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සදහා වන සන්නාම තානාපතිවරියක ලෙස පත් කිරීමට සංචාරක අමාත්‍යාංශ්‍ය පියවර ගෙන ඇත.

සන්නාම තානාපතිවරියක ලෙස ගිවිසුම්ගත වීමට ගායික යොහානි ද සිල්වා මෙනවිය එකගත්වය පළ කර ඇති අතර මේ සම්බන්ධයෙන් අදාළ අනුමැති ලබා ගැනීමට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (05) අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් මගින් දැනුම් දුන් බවද සංචාරක අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සදහා වන සන්නාම තානාපතිවරියක් වශයෙන් ඇය පළමුවෙන්ම ඩුබායි හි ආරම්භ වී ඇති 'වර්ල්ඩ් එක්සපෝ-2020 '' ප්‍රදර්ශනයේ සමාගමී අංගයක් වන ගෝල්බල් ෆෙස්ටිවල් හී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් '' ශ්‍රී ලංකා සංචාරක ගීතය '' ලබන ජනවාරි 03 වැනිදා එළි දක්වන බවද එම අමාත්‍යාංශ නිලධාරියා කියා සිටියේය.

තවද එම ශ්‍රී ලංකා ජාතික දින සැමරුම් විශේෂාංගයේ කොටසක් ලෙස යොහානි සමග සංස්තෘතික විවිධ ප්‍රසංගයක්ද ඩුබායි එක්ස්පෝ හීදී පැවත්වන බව සංචාරක අමාත්‍යාංශය කියා සිටී

මෙම ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් යොහනී කළ එම ගීත නිර්මාණය වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් ප්‍රදානය කිරීමටද නියමිත බව පැවසේ.

තවද යොහානි විසින් පද රචනය කර ගායනා කරන ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ඉස්මතු කරන සංගීත රූප රචනාවක් ද ඉදිරියේදී සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් එළි දැක්වීමට නියමිතව ඇත.

යොහානි ද සිල්වා '' මැණිකේ මගේ හිතේ '' ගීතය ප්‍රතිගායනා කරමින් නිකුත් කළ වීඩියෝව මේ වන යූ ටියුබ් ඔස්සේ කෝටි 14 ක පිරිසක් නරඹා ඇති ගීතයක් වේ.

 



අදහස් (12)

‘‘යොහානිට අලුත් තනතුරක්‘‘

SUNIL MILANO Tuesday, 05 October 2021 08:43 PM

දැන් ඉතින් අනිත් අය කුලප්පු වේවි

:       4       30

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 05 October 2021 08:50 PM

යොහානිට ලබාදෙන අනුග්‍රහයට ස්තූතියි.ඒ වගේම මේ රටේ පිපෙන තරුණ පරපුරේ හැකියාවන් ගැන පිටරටවලින් කෙවිටි කරණකන් ඉන්නේ නැතිව ඔවුන්ගේ හැකියාවන් වලට නිසි තැනක් ලබා දෙන්න.අන්න එතකොට තමයි අපේ රට දියුණු වෙන්නේ.

:       6       50

Malika Tuesday, 05 October 2021 10:43 PM

අත දෙන එක හොඳයි. ඒත් ඕකෙන් වෙන්නේ මේ දරුවාගේ ගමන් මගට බාධා එල්ල වෙන එකයි.

:       20       21

Perera Wednesday, 06 October 2021 03:43 AM

ඔය දීලා තියෙන තානාපතිකමට වැඩා ඔස්ට්‍රේලියාවට තානාපතිකරලා යැව්වනම් ලංකාවට යහපතක්.

:       0       2

මාම Wednesday, 06 October 2021 06:01 AM

මේ දරුව විනාශ කරන්නද කොහෙද මේ දේශ පාලුවො හදන්නෙ, අනේ දුවේ මුන්ට නම් කිට්ටු වෙන්නත් එපා.

:       3       8

චිත්‍රානන්ද Wednesday, 06 October 2021 06:44 AM

අර සිංදුව ලියපු එකාටත්,පලවෙනියට කියපු එකාටත් සලකන්න .. උන් නැතිනම් මේ නිර්මාණය බිහිවෙන්නේ නැහැ

:       3       8

Saththaya Wednesday, 06 October 2021 07:53 AM

මේ වගේ ගමනක් යන්න පුළුවන් අයව චන්ද මැෂින් වලට දාලා නාස්ති කරන්න එපා .

:       1       8

janahitha Wednesday, 06 October 2021 08:59 AM

නිරූපමාට එහෙම මුකුත් දෙන්නේ නැද්ද.?

:       0       7

hambanthota api Wednesday, 06 October 2021 09:01 AM

නිරූපමාට ලබාදෙන අනුග්‍රහයට ස්තූතියි

:       0       7

ලලිත් -අම්බලන්ගොඩ Wednesday, 06 October 2021 09:25 AM

වැඩේ හොදයි. හැබැයි බොහොම කල්පනාවෙන්. මොකද බොහෝ දේශපාලකයො දළඳා මාලිගාව විකුණ න් කන්න උනත් බැරි නැති පිරිසක්.

:       1       8

පිටිගල මිලානෝ Wednesday, 06 October 2021 09:43 AM

ඕක මොකක්ද? අර මෙලෝ භාශාවක් නොදන්න ගායිකාවකට ඉතාලියේ තානාපතිකම දුන්නේ...?

:       2       4

parakkrama Wednesday, 06 October 2021 07:31 PM

වටිනා මැණිකක් දේශපාලුවෝ විනාස කරන්නයි යන්නේ. මහා භාරතයේ ගීත කෝකිලා ලතා මහත්මියගේ කීර්ති නාමයට එහි දේශපාලකයින් ඇඟිල්ලක් තිබ්බෙවත් නැහැ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31293 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13491 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10994 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 103 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 930 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 280 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site