(යොහාන් භාසුර සහ නිමන්ති රණසිංහ)
යොවුන් ගායිකා යොහානි ද සිල්වා ගයන ‘මැණිකේ මගේ හිතේ’ ප්‍රතිනිර්මාණ ගීතය මාස හතරක් තුළ ‘යූටියුබ්’ සමාජ ජාලයේ නැරඹුම් වාර මිලියන 125 (කෝටි 12.5) පසු කළේය.
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති ශ්‍රී ලංකාවේ "මැණිකේ මගේ හිතේ" ගීතය මේ දිනවල ඉතාලියේ නේපල්ස් නුවරදී වාදනය වන වීඩියෝවක් අන්තර්ජාලයේ සැරි සරමින් තිබේ .
මෙය ශ්‍රී ලාංකිකයකුගේ ගීතයක් ‘යූටියුබ්’ සමාජ ජාලයේ නැරඹුම් වාර මිලියන 125 ක් පසුකළ දෙවැනි අවස්ථාව වන අතර යොහානිගේ ගීතය මාස හතරක් වැනි කෙටි කාලයක් තුළ මිලියන 125 පසු කිරීම වඩාත් කැපී පෙනේ.
ඇය ගයන ‘මැණිකේ මගේ හිතේ’ ගීතය පසුගිය අගෝස්තු මස 23 වැනිදා නැරඹුම් වාර මිලියන 50 (කෝටි 5) පසු කළ අතර මෙම මස 11 වැනිදා නැරඹුම් වාර මිලියන 100 (කෝටි 10) පසු කළේය.
යොහානි එම ගීතය පසුගිය මැයි මස 22 වැනිදා ‘යූටියුබ්’ සමාජ ජාලයට මුදාහැර තිබුණි.
යොවුන් ගායකයකු වන චමූ ශ්‍රී විසින් ගායන කරන ලද ‘ප්‍රේම සටන’ (සඳ ගනිගන්නා) ගීතය නැරඹුම් වාර මිලියන 125 ක් හෙවත් කෝටි 12.5 ක් ඉක්මවූ පළමු සහ එකම ශ්‍රී ලාංකික ගීතය බවට මීට පෙර පත්ව තිබුණි.
ලිංගික දර්ශන ඇතුළත් රූප රචනයකින් යුත් චමූ ශ්‍රී ගේ ‘ප්‍රේම සටන’ ගීතය 2017 වසරේ ජූනි මස 28 වැනිදා ‘යූටියුබ්’ සමාජ ජාලයට මුදාහැරීමෙන් පසුව අද (26) පෙරවරු වන විට එම ගීතය නැරඹුම් වාර මිලියන 126 කට ආසන්නව තිබුණි.
COMMENTS
මීට කළින් මමත් ප්‍රතිචාර දැක්වුවා මේ දියණියට සුබ පතලා... තරහකට නෙවෙයි කියන්නේ... ඒ දරුවට එයාගේ ගමන යන්න දෙන්න.. නිතරම දැම්මොත් අගයක් නැතිවෙනවා. අනෙක් කලාකරුවන් කලකිරීමකට පවා ලක්වෙන්න පුළුවන්..
මේකත් අර සුපර් ස්ටාර්ස් වලින් බිහිවෙනව වගේ තමයි. කෝ දැන් එයාල ඉන්නවද නැත්ද දන්නෑ. මේ සින්දුව පුම්බලා තියෙන්නෙ සමාජ මාධ්‍යයෙන්.. දැන් ප්‍රධාන ධාරාවේ ජන මාධ්‍යත් ඒක පුම්බනවා. ඕනම දෙයක් වයිරල් වෙන්න පුළුවන්. වයිරල් වෙන නිසාම ඒකට සුපිරි පුසිද්ධියක් ලැබුණත් අදාල ගායිකාවට සුපිරියට මුදල් ලැබුණත් නිර්මාණයේ ගුණාත්මක බව වැඩි වෙන්නෑ. මේක වයිරල් වීඩියෝවක් විතරයි.
කෝ මේ අපේ ප්‍රබුද්ධයින් ටික? යොහානිට සුබ පතන්න බෑ.. බෑ.. වගේද?