ඩයනා උදයංගනී)
ඊසාන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ‘යාස්’ චණ්ඩ සුළි කුණාටුවක් වීමේ සහ නිරිත දිග මෝසම් තත්වයේ බලපෑමෙන් අද (26) දිනයේත් දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි සහ සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
‘යාස්’ සුළි කුණාටුව ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි ද එම ප්‍රකාශකයා කීවේය.
දිවයින හරහා පැයට කිලෝමීටර 50, 60 පමණ වේගවත් සුළං හැමිය හැකි අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද, බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය පැයට කිලෝමීටර 70 පමණ දක්වා වැඩිවිය හැකි බව ද ඔහු පැවසීය.
2025 දෙසැම්බර් මස 16
28
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
826
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
602
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘යාස්’ ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි