(එම් කේ නන්දසේන)
යාල ජාතික වනෝද්‍යානයේ සතුන් මරා විකුණන දඩයක්කරුවන් හතර දෙනෙකු ජීප් රථයක් සහ දඩයම් කිරීමට යොදාගත් බව කියන බෝර දොළහ වර්ගයේ පතරොම් තුවක්කුවක් සමඟ අද (10) අත්අඩංගුවට ගත් බව තිස්සමහාරාම පොලිසිය කියයි.
යාල ජාතික වනෝද්‍යානයේ ඔන්ඩච්චි සංචාරක නිකේතනයට ඇසුනු වෙඩි ශබ්දයක් අනුව බැඹව වනජීවී කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් බන්දුවැව ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් හතරදෙනා අත්අඩංගුවට ඇත.
වනජීවී නිලධාරීන් එම පිරිස පැමිණෙන මාර්ගයේ රැකවල්ලා සිටි බවත් සැකකරුවන් පැමිණි ජීප් රථය වනජීවී නිලධාරීන්ගේ අණ නොතකා පලා යාමට උත්සහ කළ බවත් පසුව වනජීවී නිලධාරීන්ට වෙඩි ප්‍රහාරයක් එල්ලකර සැකකරුවන් පලා ගිය බවත් වනජීවී නිලධාරීන් ද එම ජීප් රථයට වෙඩි තබා ඇති බවත් එම නිලධාරීහු පැවැසූහ.
සැකකරුවන් පලා ගිය ජීප් රථය තිස්සමහාරාම මහසෙන්පුර ප්‍රදේශයේ ගරාජයක තිබී සොයා ගෙන ඇති අතර වනජීවී නිලධාරීන්ට වෙඩි තැබූ බව කියන බෝර 12 වර්ගයේ තුවක්කුව රන්මිණි තැන්න ප්‍රදේශයේ සඟවා තිබියදී සොයා ගත් බව තිස්සමහාරාම පොලිසිය කීය.
මෙම පිරිස දඩයම් කරන ලද වන සතුන්ගේ මස් සොයා ගැනීම සඳහා වනජීවී නිලධාරීන් හා පොලිසිය පරීක්ෂණ අරම්භ කර ඇති බව තිස්සමහාරාම පොලිසිය පැවැසීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
යාල වනෝද්‍යානයේ සතුන් දඩයමේ ගිය 4 ක් අත්අඩංගුවට