(නාලක සංජීව දහනායක)
හිඟයකින් තොරව යළ කන්නයට අවශ්‍ය පොහොර කඩිනමින් ගොවීන්ට සපයන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (03) නිලධාරීන්ට නියෝග කළේය.
ඇණවුම්කර තිබෙන පොහොර තොග ඉදිරි දින කිහිපයේදී මෙරටට ළඟාවන බවත් එම පොහොර ප්‍රමාදයකින් තොරව බෙදාහැරීමට විධි විධාන සලසන ලෙස නිගධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා පොහොර බෙදීමේදී ගොවීන් අපහසුතාවයට පත් නොකරන ලෙසද අවධාරණය කළේය.
එමෙන්ම පොහොර බෙදාහැරීමට පෙර සිදුකරනු ලබන ප්‍රමිති පරීක්‍ෂණ වාර්තා දින 10 ක් ඇතුළතදී ලබාගන්නා ලෙසද නිලධාරීන්ට පැවැසීය.
පොහොර ගෙන්වීම හා බෙදාහැරීම පිළිබදව වත්මන් තත්ත්වය සමාලෝචනය කරමින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (3) පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ උසස් තත්ත්වයේ ප්‍රමිතියකින් යුතු පොහොර නිෂ්පාදනය කරනු ලබන රටවල් හඳුනාගෙන එම රටවලින් පොහොර ආනනයන කරන ලෙසත් වාර්ෂික වගාවන් සඳහා අවශ්‍ය පරිදී ප්‍රමාණවත් පරිදි පොහොර ආනයන කිරීමට පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්හ.
එමෙන්ම නිරෝගී අනාගත පරපරක් බිහිකිරීම වෙනුවෙන් කාබනික පොහොර නිෂ්පාදනය වැඩිකිරීමට පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා පැවැසීය.
COMMENTS
තවම මහ කන්නේ කැපීලා ඉවරත් නැහැ. යලට පොහොර ඕන වෙන්නේ අප්‍රේල් වලින් පස්සේ. එතකොට ඡන්දේ ඉවරයි.
මැතිවරණ ඔන්න මෙන්න තියලා ජනතාවට වාසි වුනත් මැතිවරණයෙන් පස්සේ ඉතින් ඔහොම වාසි ජනතාවට නැහැ.
නියෝග දෙන්න නම් පුළුවන් ඕන කෙනෙකුට, ඇරත් පහුගිය අවුරුදු 72 ට දීපු නියෝග ක්‍රියාත්මක උනානම් අද ලංකාව සුරපුරයක් .... නියෝග නෙවෙයි , ප්‍රායෝගිකව පොහොර ලැබෙන ක්‍රමයක් තමයි අවශ්‍ය මේ ගොවියන්ට.
ළඟදීම මාස් කන්න පටන් ගන්නවා. මාස් කන්නට පොහොර නැද්ද ? යල කන්නට මාස හතකට වඩා කාලයක් තියනවා. මට පෙන්නේ යල මහා පැටලිලා වගේ. මමත් කුඹුරු වැඩ කරලා තියන නිසා .
රසායන පොහොර වෙනුවට විකල්පයක් හොයන්න උවමනාවක් මෙතුමට නෑ වගේ.
නියෝග දෙනවා වගේ නොවෙයි, කෙරෙන විදිහත් බැලුවා නම් නේද හොඳ...?
මේ සුබ ආරංචිය ඇහුවාම පෝර කොම්පැනි වල කොටස් අගය වැඩි වෙන්නත් ඇති, ඇයි පෝර අඩුවට දෙනවා කිව්වට පිටරට කොම්පැනි එක අඩුවට පෝර දෙන්නේ නෑ... ඔවුන් වෙනදා ගාණටම පෝර විකුණනවා. මෙරට ඒජන්තය ඒ පෝර ඒ ඒ කියන ගණන් වලට ගෙන්වනවා. අඩුවට මෙරට ගොවීන්ට, ගනුදෙනුවේ වෙන පාඩුව පියවන්නේ අහිංසක මනුස්සයින්ගෙන් ගන්න බදු මහජන මුදලින්, එහෙම බැලුවම මේක පික්පොකට් ගැහිල්ලක්, පික්පොකට් ගහලා හිස් පොකට් එක දුන්නා වගේ, නියම සහනාධාරේ ගන්නේ අර යෝධ පෝර කොම්පැනි එක, ඒ අය හිනාවෙනවා ඇති...
මේවා ඔක්කොම දේශපාලන සංදර්ශන. ඉහල පුටු වල ඉන්න අයට හරි දැක්මක් නෑ. නිකම් උදේට නැගිටලා මොනවහරි කියවනවා, එච්චරයි. රට හැමදාම එක තැන. අපේ බයියොත් පස්සෙන් යනවා.