(රොමේෂ් ධනුෂ්ක සිල්වා චීනයේ බෙයිජිං නුවර සිට)
චීන රජයේ පූර්ණ අනුග‍්‍රහය යටතේ ෂැන්හයි සහයෝගිතා සංවිධානය විසින් සංවිධානය කරනු ලබන ‘‘ යුරෝ ‐ ඒෂියා ඉකොනොමික්ස් ෆෝර්ම් ’’ හෙවත් යුරෝ ‐ ආසියා ආර්ථික සමුළුව චීනයේ ෂියෑන් නුවරදී හෙට (10) ආරම්භ කෙරේ.
චීන ජනාධිපති ෂී ජින් පින්ග් මහතාගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ 2005 වසරේ සිට දෙවසරකට වතාවක් පැවැත්වෙන මෙම යුරෝ ‐ ආසියා ආර්ථික සමුළුව මෙවර පැවැත්වෙනුයේ සත් වැනි වතාවටය.
සමුළුවේ සමාරම්භය චීන මහජන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ ප‍්‍රධාන සමාජිකයෙකුගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර ලෝකයේ ප‍්‍රධාන පෙලේ රටවල් කිහිපයක නියෝජිතයින් , පෞද්ගලික සමාගම් 500 ක නියෝජිතයින්ද මීට සහභාගී වෙති.
‘‘එක් තීරයක් ‐ එක් මාවතක් යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුවේදී ආසියාව හා යුරෝපා එකමුතුවේ රටවල් අතර සුහදත්වය වර්ධනය කර ගැනීමත් , ලෝකය ඉදිරියේ ඇති විවිධ අභියෝගයන් සාකච්ඡා කිරීම ප‍්‍රධාන අරමුණ වන්නේ යැයි එහි සංවිධායකයෝ කියා සිටිති.
යුරෝ ‐ ආසියා ආර්ථික සමුළුවේ ප‍්‍රධාන සමාරම්භක රැස්වීමට සමගාමීව ආර්ථික , සංස්කෘතික , සංචාරක , දේශගුණික , විද්‍යා හා තාක්ෂණ , අධ්‍යාපනික , පරිසර හිතකාමී බව ඇතුළු කාරණා 10 ක් සම්බන්ධ සමාන්තර සැසියන් පැවත්වේ.
2025 දෙසැම්බර් මස 04
510
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
474
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යුරෝ ‐ ආසියා ආර්ථික සමුළුව හෙට ඇරඹේ