(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව තුළ මේ වන විට ඉහළ ඉල්ලුමක් ඇතිවී තිබෙන යූරියා කිලෝ 50 ක මිටියක් ඉදිරියේදී රුපියල් 13,000 කට අධික මිලක් වනු ඇති බව පොහොර ලේකම් කාර්යාලය පවසයි.

ලෝක වෙළෙඳපොළේ යූරියා මිල සහ ආනයනය වියදම් ඉහළ යෑමත් නිසා මෙම තත්වය ඇති වී ඇති බවත් එම මිල ගොවීන්ට දරාගත නොහැකි වනු ඇතඅි බවත් කීය.

රසායනික පොහොර ආනයනය කිරීම සඳහා ආයතන 20 ක් පමණ ඇනවුම් ලබාදී ඇති බව එම ආයතනවලින් කීපයක් පමණක් යූරියා ඇනවුම් කර ඇති බවත් පොහොර ලේකම් කාර්යාලය සඳහන් කරයි.