
බටහිර රාජ්‍යයන් රුසියාවට බියවී තමන්ව තනි කර ඇතැයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි මහතා පවසා ඇත.
නේටෝ සංවිධානය රුසියාවට බියවී කියෙව් තනි කර ඇති මේ මොහොතේ යුක්රේනයේ පිහිටට සිටින්නේ යුක්රේනය පමණක් බව සෙලෙන්ස්කි ද ඔහු පවසා ඇත.
රුසියන් ආක‍්‍රමණය නතර කර ගැටළුව නිරාකරණය කර ගැනීම සඳහා රුසියාව සමග සාකච්ඡා කිරීමට තමන් බය නැති බවත් නමුත් එසේ සාකච්චා කිරීමට රුසියාවෙන් තමන්ට යුක්රේනයේ ආරක්ෂාව සම්බන්ධව සහතිකයක් අවශ්‍ය බවත් අද දින ප‍්‍රකාශකයක් නිකුත් කරමින් ජනාධිපති සෙලෙන්ස්කි පවසා ඇත.
මම නේටෝ සංවිධානයේ රටවල්වලින් කෙලින්ම ඇහුවා ඔයගොල්ලො අපිත් එක්කද කියලා, එතොකොට කිව්වා. ඔව් අපිත් එක්කයි කියලා. නමුත් නේටෝ සංවිධානය අපිට සාමාජිකත්වය දෙන්න කැමති නෑ. අපිට නේටෝහි සාමාජිකත්වය දෙනවද කියල මම අහපු ප‍්‍රශ්නෙට රටවල් 27 උත්තර දෙන්නෙ නැතිව බයේ නිශ්ශබ්දව සිටියා.
කව්ද අපිත් එක්ක යුද්දෙට යන්න කැමති කවුරුත් නෑ අපිට අපි විතරයි” ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පැවසීය.
(034)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන්ගේ හයිය අරන් කෝල් කළානම් දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ... මේ වගේ උද්දච්ච නායකයෝ නිසා තැලෙන්නේ අහිංසක ජනතාවයි...
යුරෝපය විසින් තමන් තනිකළ නිසා හමුදාවක් රැගෙන යුක්රේනය බලා වහාම පිටත්ව එන ලෙස හදිසි පණිවිඩයක් ලංකාවේ පදිංචි යුක්රේන හිත මිත්‍ර මැදමූලන වීරතුංග මහතා වෙත එවා ඇතැයි අපට ආරංචි වී ඇත. එය හැබෑද?
බටහිර සුද්දෝ ඔහොම තමයි අයියා. හැමදේම උන්ගේ වාසියට විතරයි.
යුරෝපිය රටවල් නිතරම ඔහොම තමයි. අපේ රටෙත් කට්ටියක් හිටියා අපි යුරෝපය කියන දේ අහන නිසා අපට බලය ලැබුණාම යුරෝපය උදව් කරයි කියලා. අන්තිමට මොනවද ලැබුනේ?
බලවතුන්ගේ හයියෙන් කයිවාරු ගැහුවට අන්තිමේ කෙළ වුණාම කවුරුවත් නෑ. අන්තිමට ජනතාව කරදරේට පත්වෙන්නේ...
ඕකට අපේ රටේ කියන්නේ දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග කියලා... ඉරාකය, ඇෆ්ගනිස්ථානය වගේ සිද්ද වෙච්චි දේ ගැනවත් හිතලා කවුරු කවුරුත් පස්සෙන් ගියොත් තමයි හොඳ...!
ඇමරිකාව ප්‍රමුඛ යුරෝපා රටවල කූඨ වැඩ තේරුම් ගනිපු එක ලොකු දෙයක්...! ලංකාවේ සියලු දෙනාම මේවා හොඳින් අවබෝධ කරගත යුතුයි...
අත්තාහි අත්තනෝ නාථෝ...! කොහි නාථෝ පරෝසියා...! කියලා බුදු හිමියන්ගේ දේශනා අහන්න මොවුන්ට වාසනාව උදාවේවා...!
බටහිරට ගැතිකම් කරලා තම රටම අනතුරක දා ගැනීමකුයි පෙනෙන්නට තියෙන්නේ.
තම හිසට තම අතමය සෙවනැල්ල... අපේ මුතුන් මිත්තෝ කිව්වේ නිකන් නොවේ ගොයියෝ...!
ඕක තමයි බන් ලෝක ස්වභාවේ... පණ දෙන්න වගේ එන අය ගුටි කනකොට නෑ... දැන්වත් කතාකරලා ඕක විසඳාගනින් මල්ලියේ...!
පුටින් මේක දන්නවා.. බටහිරයින් දන්නේ දුප්පත් රටවලට සම්බාධක දාන්න විතරයි. මේ දෙගොල්ලන්ම වැරදියි.
ජනාධිපතිතුමනි, කොහොමත් අපට ඇප පමණයි.
ඉතාම දුකයි ලෝකයේ බලවත් රටක් හැසිරෙන විදිහ...! රුසියානුවනි, හදවතට අතතියා බලන්න ඔබ විනාශ කරන්නේ ඔබගේ දේවල් නොවෙයි... ඔබට එය කිරීමට අයිතියක් නැත...! ඔබ කරන ප්‍රතිඵල කෙදිනක හෝ ඔබට වුණොත් ඔබ අසරණ වෙනවා නේද? ඔබ කෙසේද තව තාම අණසකට යටත් කරන්නේ...
බලපුළුවන්කාරයා නිදහසේ කෙනෙකුට ඉන්න දෙන්නේ නැහැ...
මේ ප්‍රකාශයෙන්, පුටින් ජනපතිවරයාගේ සටන් කිරීමට තිබූ අරමුණ සාධාරණීකරණය වුණා සේම, නේටෝ හා යුක්‍රේනය අතර, පුටින් ජනපතිවරයා දක්වා සිටියි. යටිකූට්ටු ක්‍රියා මාර්ගය එළි දක්වා තිබෙනවා..
ජේ.ආර්. උන්නැහේත් ඇමෙරිකාවේ හයිය අරන් ඉන්දියාවට කොකා පෙන්නුවා... අපේ හමුදාව වඩමාරච්චි මෙහෙයුම කරනකොට ඉන්දියාව අපේ ගුවන ආක්‍රමණය කරලා පරිප්පු දැම්මා. කෝ ඇමෙරිකාව ආවද උදව්වට...? මේ සිද්ද වෙන්නෙත් අනුන්ගේ බහට රැවටිලා අසල්වැසියත් එක්ක ගේම ඉල්ලීමේ ප්‍රතිඵල තමයි.
අනුන්ගේ රටවල් අවුලුවලා ඒවාගෙන් වාසි ප්‍රයෝජන ගන්න ඇමරිකන් කාරයා ආක්‍රමණය කරන්න කවුරුත් නෑ නේ... ඔක්කොම එකතුවෙලා ගහන්න ඕනෑ ඇමරිකාවට.. ලෝකේ ත්‍රස්තවාදය ඇතිකරන්නෙත් ඇමරිකාව, නැති කරනවා කියලා හොඳට තියන රටවල් ආක්‍රමණය කරන්නෙත් මෙයාලා බොරු ප්‍රජාතන්ත්‍රවාදේ දාලා. සිරියාව, ලිබියාව, ඉරාකේ, ඇෆ්ඝනිස්තානේ විනාශ කරලා ඒවා හූරන් කාලා දැන් සැපට ඉන්නවා. දැන් වෙන රටවල් දෙකක් මැද්දට පැනලා සම්බාධක දානවා... ඔවුන්ට කරන්න පුළුවන් එච්චරයි..
ඉස්සර අපේ රටෙත් හිටියා. ඔහොම ඇමරිකාව විශ්වාස කරලා ඉන්දියාවට කටින් ගහපු අය.. පොර හිතුවේ ඇමරිකාව ඇවිත් බේරගනී කියලා. අන්තිමට ඔපරේෂන් පරිප්පු එද්දි වචනෙන්වත් හෙල්ප් කළේ චීන්නුයි, පාකිස්තානෙනුයි විතරයි.
ග්‍රාමීය ආකල්ප වලින් හෙබි, ගණන් කාරයින් ඉදිරියේ නැට්ට බඩයට ගහගෙන ඒකාධිපති වියරුවෙන් දඟලන අයට ආවඩන ඔලමොට්ටලයින්ගේ සිතුම් පැතුම් හරිම වෙනස්. ඔයිට වඩා දඟලපු හිට්ලර්ලාගේ, සදාම් හුසේන්ලාගේ හා ගඩාපි මෙන්ම හොස්නි මුබාරකටත් අවසානයේ අත්වූ ඉරණම ගැන මතක් කරගෙන දැනට සතුටු වෙයල්ලා. නේටෝ සංවිධානයට අයත් නොවන රටක් ලෙස මේ ආරවුලට මැදිහත් වී ලෝක විනාශයක් කරන්න තරම් ඇමරිකාව හෝ බටහිර රටවල්වල පාලකයින් අඥාන නැහැ. පුටින්ට තිබෙන ගැටලුවත් යුක්රේනය නෙටෝවට සම්බන්ධ වෙයි පවතින බියයි. ජපානයත් ඇතුළුව ඔවුන් දැනටමත් රුසියාවට එරෙහිව ආර්ථික සම්බාධක දමා අවසන්. ලංකාවේ ඉඳගෙන යුද්ධයට ආවඩන අමනයින් සාමයට ලැදි යුද්ධයට එරෙහිව උද්ඝෝෂණය කරන රුසියන් ජාතිකයින්ව ආදර්ශනය ගත යුතුයි. එත්, ඒ ඒකාධිපතියා සාමකාමී දහස් ගණන් රුසියන් ජනතාව පවා අත්අඩංගුවට ගෙන අවසන්... කොහොමත් අවසානය ලං වෙද්දී හොඳටම කරලා පෙන්වන එක එකාධිපතියන්ගේ සාමාන්‍ය ස්වභාවයක්...!
ඔවුන් මරාගත්තට අපට මොකද? අපි පුළුපුළුවන් විදිහට අපේ රට ගොඩනගන්න බලමු. අර එක කාලයක් වගේ පුළුවන් නම් දෙපැත්තටම වෙඩි නොවදින ඇඳුම් විකුණලා ඩොලර් ටිකක් හොයාගන්න බැරිවෙයිද? යුක්‍රේනයේ හැමෝටම මේ ඇඳුම් දැන් අවශ්‍යයි. බේබි සයිස් එකේ ඉඳන්ම විකුණන්න පුළුවනි...
රුසියාවට එකතුවෙන්න රුසියාව හොඳ මිතුරෙක්... අනුන්ගෙන් කෑලි කඩාගන්න හිතන කෙනෙක් නොවෙයි. දැන් රුසියාවේ කොමිනිස්ට් ක්‍රමය නැහැ නේද? අපේ රටේ නොමිනිස් ජෙප්පොයි කොමිනිස් වෙන්න හදන්නේ...
අන්තිමට අල්ලපු අත්තත් නැතිවුණා... පයගහපු අත්තත් නැතිවුණා.
පෙරේදා කමලා හැරිස් කියනවා... අපිට ලෝක යුද්ධයක් ඇතිකරගන්න බැහැ කියලා ඒ වෙනුවට රුසියාවට සම්බාධක දානවලු... ඒ ගොල්ලෝ හිතන්නේ පුටින් ඕවා නොදැන යුද්ධය පටන් ගත්තා කියලා... අපි දැක්කනේ කියුබානු ප්‍රශ්නයේදී කයිවාරු ගහපු කෙනෙඩි අකුලා ගත්තු හැටි. පුටින් මහත්තයෝ යුරෝපයට ගෑස් දීම නැවත්තුවොත් කොහොම හිටීද? ලෝකේ පරමාණු බලය ඇති රටවල් 8යි තිබෙන්නේ ඉන් චීනය, පාකිස්තානය, ඉන්දියාව, උතුරු කොරියාව, රුසියාව සමඟයි. ලෝකේ බලවත්ම ප්‍රහාරක මිසයිල් තිබෙන අපි කාටද බය අපිට කවුද බය නේද පුටින් මහත්තයෝ...?
වෙනසක් නැහැ මහත්තයෝ, ලංකාවේ හිටපු පළමු විධායක ජනාධිපතිතුමාට 1987දී වුණෙත් ඕකමයි, ලෝක යුද බලවතුන්ගේ හයිය ඇඟට අරගෙන හුරතලෙක් විදියට වැජඹෙන්න හිතලා අන්තිමට වුණේ අසල්වැසි බලවතාගෙන් පරිප්පු කන්න. අන්තිමට අපට එජාප බොරු මානව හිමිකම් චෝදනා වලට මුහුණ දීමේදී තම නිෂේධ බලය යොදවා ආරක්ෂාව සැපයුවේත් රුසියාවයි, චීනයයි. කාට කාටත් මේවා පාඩම්...
ඔවුන් හැම දෙනාම වැඩකරන්නේ ඔවුන්ටම හදාගත්තු න්‍යාය පත්‍රයක් අනුවයි. අවංකව යුක්රේන් ජනතාව හෝ සාධාරණත්වය වෙනුවෙන් නම් නෙවෙයි. ඔය මහ ජාතීන් කියාගන්නා කවුරුවත් විශ්වාසය තැබිය හැකි පිරිසක් නෙවෙයි. අවස්ථාවාදියොයි..