
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර යුපුන් අබේකොන් ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ මීටර 100 පිරිමි ඉසව්වේ නවතම ශ්‍රේණිගත කිරීම අනුව 46 වැනි ස්ථානයට පැමිණීමත් සමඟ ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමට වැඩි ඉඩක් නිර්මාණය වී ඇති බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය පවසයි.
ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 100 පිරිමි ඉසව්වට ක්‍රීඩකයන් 56 දෙනකු සුදුසුකම් ලබයි.
ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 100 පිරිමි ඉසව්වට සුදුසුකම් ලැබීමේ පරිසාධන මට්ටම තත්පර 10.05 ක් වන අතර එම පරිසාධන මට්ටම ක්‍රීඩකයන් 39 ක් පමණක් මේ වන විට සම්පූර්ණ කර තිබේ.
ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ අවසන් ලැයිස්තුව මේ මස 29 වැනිදායින් පසුව සකස් කිරීමට නියමිතය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.