IMG-LOGO

යාපනය සරසවියේ ශිෂ්‍ය සංගම් සභාපති - ලේකම් අත්අඩංගුවට

(සිතුම් චතුරංග)

යාපනය විශ්ව විද්‍යාලයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුර එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ රුව සහිත පෝස්ටර කිහිපයක් සමඟ යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහ ලේකම් අද (3) අත්අඩංගුවටගත් බව කෝපායි පොලිසිය කියයි.

යුද හමුදාව, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් යාපනය විශ්වවිද්‍යාලයේ කලාපීඨය ඇතුළු පීඨ සහ නේවාසිකාගාරවල සිදුකළ සෝදිසියකදී මෙම පෝස්ටර කිහිපය හමුවී තිබේ.

මෙම සෝදිසි මෙහෙයුම සඳහා පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ නිල සුනඛයින් ද යොදා ගත් බව පොලිසිය පවසයි.

විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ප‍්‍රධාන කාර්යාලයේ තිබී මෙම එල්.ටී.ටී.ඊ නායකයාගේ රුව සහිත පෝස්ටර හමුවී ඇති අතර එහි එල්.ටී.ටී.ඊ ප‍්‍රධානියකු වූ ඇන්ටන් බාලසිංහම් නැමැත්තාගේ ද පෝස්ටර කිහිපයක් තිබූ බව ආරක්ෂක අංශ සඳහන් කරයි.

මෙලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ යාපනය මහ ශිෂ්‍ය සංගමයේ සභාපති එන්. දිවාකරන් (24) හා ශිෂ්‍ය සංගමයේ ලේකම් එස්. බදිල්රාජ් (23) යන සිසුන්ය.

සෝදිසි මෙහෙයුමේදී ස්ථාන කිහිපයක තිබී තවත් සැකකටයුතු භාණ්ඩ හා යුද හමුදා සපත්තු (බූට්) කිහිපයක් ද සොයාගත් බව ආරක්ෂක අංශ පැවසූහ.

යාපනය විශ්වවිද්‍යාලය, කිලිනොච්චිය ඉංජිනේරු පීඨය හා වවුනියාව විශ්වවිද්‍යාල මණ්ඩපයේ නේවාසිකාගාර ද ආරක්ෂක අංශ විසින් සෝදිසි කිරීම් ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

සැකකාර සිසුන් දෙදෙනා යාපනය මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (10)

යාපනය සරසවියේ ශිෂ්‍ය සංගම් සභාපති - ලේකම් අත්අඩංගුවට

Mallika Friday, 03 May 2019 06:54 AM

අපේ ලංකාවේ හමුදාවට, පොලිසියට සියලුම දෙවියන්ගේ ආරක්ෂව පතන්නෙමි

:       0       338

d.upul Friday, 03 May 2019 07:04 AM

අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත යුතුයි.

:       4       381

B-L Friday, 03 May 2019 07:31 AM

මේ අවස්ථාවේ හරි ඕක සෝදිසි කරපු එක වටිනවා.. ඔතන ආයෙත් එල් ටී ටී හිස ඔසවමින් ඉන්න තැනක් කියලයි ආරංචි

:       4       413

Keppetipola Friday, 03 May 2019 08:22 AM

ඉස්සෙල්ලම අත්අඩංගුවට ගන්න ඕන දෙමල ජාතිවාදය පතුරුවන සම්බන්දන් සහ සුමිතරන්

:       0       23

රජින්ද Friday, 03 May 2019 08:30 AM

කොහොමත් මුළු රටම විශ්වාසය තබා තියෙන්නේ ආරක්ෂක අංශ කෙරෙහි පමණක් වන අතර බලලෝභී අවස්ථාවාදී දේශපාලකයන් කෙරෙහි කිසිඳු විශ්වාසයක් නොමැත. සියලු ආරක්ෂක අංශවලට දෙවියන්ගේ පිහිටයි. මේ දේශයේ සියලු මව්වරුන්ගේ හා පියවරුන්ගේ ආශීර්වාදය ලැබේවා...!!!

:       3       260

MaheeFriday, 03 May 2019 10:27 AM

සම්පූර්ණ ඇත්ත. හරියට තමන් සේරම කරනවා වගේ කටමැත දොඩවන ඇමැතියනුයි... මේ ලෝකේ දෙයක් දැනගෙන හිටියේ නැහැ කියන නායකයනුයි. බෝලෙ පාස් කරන ලොකුලොක්කොයි ටිකක් කටවල් වහගෙන අපේ ආරක්ෂක හමුදාවන්ට ආරක්ෂක කටයුතු බාරදීලා පැත්තකට වෙලා ඉන්නවා නම් හොඳයි.

:       0       11

janaka Friday, 03 May 2019 10:33 AM

දේශයේ මුර දේවතාවන් වූ ත්‍රිවිද හමුදාව, පොලීසිය සහ සියළුම ආරක්ෂක සේනාවල විරුවන්ට රටට, ජාතියට හිතැති සැමගේ ගෞරවය සහ ආශීර්වාදය ලැබේවා...!!! මේ රට විනාශ කිරීමට මාන බලාසිටින ජනාධිපති, අගමැති ඇතුළු මේ ආණ්ඩුවේ සියලු මැති, ඇමති, මන්ත්‍රීවරු සියලු දෙනා විනාශ වේවා...!!!

:       0       9

saminda Friday, 03 May 2019 11:19 AM

ජය වේවා !!!

:       0       5

dilal Friday, 03 May 2019 11:39 AM

දැන් අර්බුදවලට හා විවාදයට භාජනය වී ඇති නැගෙනහිර විශ්ව විද්‍යාලත් පරීක්ෂණයට භාජනය විය යුතුයි...

:       0       19

sarath perth Friday, 03 May 2019 11:53 AM

විනාශයක් බලාපොරොත්තුවෙන් සිටිය 225 ටම කරුමය හෙවනැල්ල වගේ පස්සෙන් එ්වි. දැන දැන මහා විනාශයකට ඉඩහැරිය ඔවුන්ගේ විනාශය අත ලඟයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 252 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 780 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1201 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site