(සිතුම් චතුරංග)
යාපනය , ගුරුනගර් ප‍්‍රදේශයේ බස් නැවතුම්පොළක් තුළ දමාගොස් තිබූ සී - 4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ එකයි ග‍්‍රෑම් 495 සොයාගත් බව යාපනය පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
නාවික හමුදා බුද්ධි නිලධාරීන්ගෙන් ලැබුණ තොරතුරක් මත සිදුකළ සෝදිසියකදී බස් නැවතුම්පොළක සඟවා තිබියදී මෙම සී- 4 පුපුරණ ද්‍රව්‍ය හමුවී තිබේ.
හමුවූ පුපුරණ ද්‍රව්‍ය අතර විදුලි නොවන ඩෙටනේටර් හා බෝම්බ පිපිරවීම සඳහා ගන්නා සේවානූල් කිහිපයක්ද සොයාගත් බව විශේෂ කාර්ය බළකාය පැවසීය.
විශේෂ කාර්ය බළකාය පැවසූයේ කිසියම් අයෙකු මසුන් ඇල්ලීම සඳහා ධීවරයින් වෙත ලබාදීමේ අරමුණින් සී- 4 පුපුරණ ද්‍රව්‍ය රැගෙනවිත් බස්නැවතුම්පොළේ දමායන්නට ඇති බවයි.
පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආ පුද්ගලයා පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරක් නොමැති අතර එම පුද්ගලයා පිළිබඳ වැඩිදුර විමර්ශන යාපනය පොලිසිය හා යාපනය පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව සිදුකරන බවද කීය.
හමුවූ පුපුරණ ද්‍රව්‍ය හා ඩෙටනේටර යාපනය පොලිසිය වෙත බාරදීමට නියමිතව තිබිණි.
COMMENTS
එකනේ මේවා ගෙනල්ලා තියෙන්නේ මාළු අල්ලන්න. ඊයේ අත් බෝම්බ පිස්තෝල වගයක් හම්බවුනා. ඒවා ගෙනත් තියෙන්නේ වල් ඌරො අල්ලන්න. ඔන්න ආයේ බොරු කියලා සංහිදියාව නැති කරනවා එහෙම නෙමෙයි .
මේවා පිටුපස්සේ එක්කෝ ආන්ඩුවම ඇති නැත්තම් ඉතින් විපක්ශයේ අය ඇති. රටේ ප්‍රශ්න වැඩි වෙනකොට ඒවා යටපත් කරන්න ගහන ගේම් එකක් වෙන්නත් පුලුවන්. මේ රට නන් කවදවත් හදන්න පුලුවන් රටක් නෙවෙයි. එක්කෝ ජාතීභේදය, එක්කෝ පක්ශ භේදය එහෙමත් නැත්තම් කුලේ හරි ඇදගන්න රටක්.
ළඟදීම දෙමලු ටික ආයේ ගේමක් දෙනවා.. ආණ්ඩුවේ එව්වෝ ලැහැස්තිවෙලා හිටපල්ලා..
ඔව් අමිල, එකක් නම් ශුවර් කොටි නොවේ... කොහොමද ටිකිරි මොලේ..
මේවා භාවිතයෙන් මාළු අල්ලන එකම රට. ලංකවේ ධීවර කර්මාන්තය කොතරම් දියුණුද ?
ඔබ කෙතරම් මෝඩද? වසර 30 ක අත්දැකීම් අපට ඇත
කොහොමද පොටෝ එකේ තිබෙන ඒවා නියමයි නේද? යාපනේටම හදපුවාද?