IMG-LOGO

යාපනයේ තරුණයකුට තියුණු ආයුධ ප්‍රහාරයක්

( රොමේෂ් මධුෂංඛ)

යාපනය කොකුවිල් බටහිර කේනිඅඩි ප්‍රදේශයේ අවමගුල් අවස්ථාවකට සහභාගී වී සිටි තරුණයෙකුට කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහර දී පලා ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.

කේනිඅඩි ප්‍රදේශයේ පැවති අවමගුල් අවස්ථාවකට සහභාගී වී සිටි එම ප්‍රදේශයේම පදිංචි තරුණයෙක්  මෙලෙස පහරකෑමට ලක්ව ඇත.

ඔහු  අවමගුල් ස්ථානයේ මාර්ගයේ කොඩිවැල් ඇදමින් සිටියදී මුහුණු ආවරණය කරගත් තිදෙනෙකු තියුණු ආයුධ සමගින් යතුරුපැදියකින් පැමිණ පහරදී පලා ගොස් ඇති බවට අනාවරනය වී ඇතැයි පොලීසිය කියයි.

එහිදී බරපතල කැපුම් තුවාල ලැබූ තරුණයා අවමගුල් ස්ථානයේ සිටි පිරිස් විසින් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට පොලීසියට දැනුම් දී ඇති අතර යාපනය පොලිසිය විසින් අදාල පහරදීම සිදුකළ  පිරිස් සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයක් අරඹා ඇත.

 



අදහස් (0)

යාපනයේ තරුණයකුට තියුණු ආයුධ ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 235 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 759 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1181 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site