(සිතුම් චතුරංග)
යාපනය කරෙයිනගර් සිට යාපනය නගරය දක්වා ගමන් ගත් බස් රථයක් කරෙයිනගර් පොන්නාලෙයි පාලමේදී මාර්ගයෙන් ඉවතට පැන කලපුවට පෙරැළී අද (30) සවස සිදුවු අනතුරකින් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව යාපනය කයිට්ස් පොලිසිය කියයි.
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථය මගීන් රැගෙන යාපනය නගරයට පැමිණෙන අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.
බස් රථයේ අධික වේගය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවත් රියදුරාට බස්රථය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් කලපුවට පෙරළී අතර පසුව කලපුවේ තිබූ ජල නළයක සිරවී ඇතැයිද පැවසිය.
ජල නළයේ සිරවූ බස් රථය කළපුවතුලට පෙරලීම වැළකී තිබූ බවත් එම හේතුවෙන් සිදුවීමට ගිය මහා විනාශයක් වැළකි ගිය බව සිද්ධිය ඇසින් දුටු ප්‍රදේශවාසීහු පවසති.
අනතුරින් සුළු තුවාල ලැබු පුද්ගලයින් හය දෙනෙකු යාපනය රෝහලට ඇතුළත් කොට ඇති බවද කයිට්ස් පොලිසිය පැවසීය.
අනතුර සම්බන්ධයෙන් බස්රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට නියමිත අතර කයිට්ස් රථවාහන පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.


2025 දෙසැම්බර් මස 18
159
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යාපනයේදී බසයක් පෙරැළි 6 ක් රෝහලේ
ධම්ම Thursday, 30 April 2020 03:03 PM
බස්වල තිරිංග තිබුනාට මදි, රියදුරුට විනයක් තියෙන්නත් ඕනෑ.
Rohana Friday, 01 May 2020 01:33 AM
විනය ඇතිකරගැනීම සදහා මොලයද අවශ්‍යයි. මේ රියදුරුගේ මොලය හරියට වැඩ කරනවද දන්නෙ නෑ.