යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීමේ කාලය ලබන 28 වැනිදා තෙක් දීර්ඝ කර ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
එළැඹෙන 20 වැනිදා වන විට සියලු යාන්ත්‍රික කියත් හිමියන් ළගම ඇති පොලිස් ස්ථානයන් වෙත ගොස් ඒවා ලියාපදිංචි කළ යුතු බවට මීට පෙර කාලය ලබා දී තිබිණි.
නමුත් ඒ සඳහා තවත් වැඩිපුර දින 8ක කාලයක් ලබා දීමට තීරණය කර ඇතැයි අමාත්‍යංශය සඳහන් කරයි.
(36698)
COMMENTS
කැති, මන්න, පිහිත් ලියාපදිංචි කර ගන්න ඕනෑද කියලා එක සැරේම කිව්වානම් ලේසියි නේද? යන්ත්‍ර සූත්‍ර දමා මහදවල් වනාන්තර විනාශ කිරීමට (විල්පත්තු වැනි) එරෙහිව යම් පියවරක් ගෙන ඉන් අනතුරුව මෙවැනි නීති ගෙනාවානම් නේද වඩා හොඳ?
මුදල් ගසා කන්න ගෙනාපු තවත් ක්‍රමයක් මිසක් ගස් වැල් වලට තියෙන ආදරේට ගෙනාපු එකක් නෙමෙයිනේ. දූෂණ අඩු කරන්න කියලා ලියාපදිංචි කරන්න කියයිද දන්නේ නෑ මෙහෙම ගිහින්...!
ඕවා ලියාපදිංචි කළාට පස්සේ බාධාවක් නැතුව අයිතිකාරයට ඕනේ ඕනේ විදිහට ගස් කපන්න පුළුවන්ද?
කැති, මන්න, පිහිවලට වඩා පහසුවෙන් සහ වේගයෙන් යාන්ත්‍රික කියත් වලින් ගස් කැපීම සිදු කළ හැකි බැවින්, ඒවා ලියාපදිංචි කිරීම වගකීමෙන් තොරව කැලෑ එළිකිරීම වැළැක්වීම සඳහා ගත් හොඳ පියවරක් යයි සිතමි...
ඔලුවේ අමාරුවට කෝට්ටේ මාරු කරනවා කියන්නේ මේවට. විලපත්තුව විනාශය ගැන එළිපිට කතා කරන්න බැ.
යාන්ත්‍රික කියත් ලියාපදිංචි කළා කියා පරිසරය සුරැකෙනවා කියා සිතීමම මහා විහිළුවක්. මේ කියත්වල පාලනයක් මේ නිසා සිදුවෙනවාද ? නැත්තේමය. සල්ලි තිබෙන ලී මෝල් කාරයන්ට හා ගස් කපන්නන්ට ඕනා තරම් කියත් ප්‍රමාණයක් ගෙන තව තවත් ගස් කැපිය හැකිය. මේ අයට වෙනදාට වඩා ගස් කැපීමට බලයක් ලයිසමක් මගින් ජනපති විසින්ම නිකුත්කොට ඇත. මෙය ඔවුන්ට තව තවත් ගස් කැපීමට හොඳ ජවයකි. ලයිසමෙන් විශාල මුදලක් රජයට ලැබේ. එයද ව්‍යංගයෙන් ගෙවනුයේ ජනතාවමය. මන්ද යත්, ලයිසමේ මුදලත් ජනතාවටම බැර කිරීමට ලී මෝල් කරුවන් හා ගස් කපන්නන් පියවර ගන්නා බැවිනි. මේ නිසා මෙම කියත් වැඩි වැඩියෙන් ගෙන ඒමට සමාගම් ක්‍රියා කරනු ඇත. එයින් කාට හෝ කොමිස් ලැබෙනවා වෙන්නටද පුළුවන. පරිසරය සුරැකීමට නම්, මේ වසංගත කියත් ගෙන්වීම පාලනය කල යුතුය. තත්වය එසේ තිබියදී, කියතට බලපත්‍ර දීම අතීසාරයට අමුඩ ගැසීමක් වැනිය. වෙන කිසිවක් නොවේ.