අජන්ත කුමාර අගලකඩ
යාන්ත්රික කියත් ආනයනය තහනම් කිරිමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
පරිසර විෂයබාර ඇමැතිවරයා වශයෙන්, ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් අද (18) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව යාන්ත්රික කියත් ආනයනය සම්පුර්ණයෙන්ම තහනම් වනු ඇත.
යාන්ත්රික කියත් ආනයනය කිරිම තහනම් කරන බව ජනාධිපතිවරයා ඉකුත්දා පැවති උත්සවයකදී ප්රකාශ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තීරණය හොදයි.
යාන්ත්රික කියත් යනු මොනවාද? විස්තර කරන්න. විදුලි කියත් තහනම් නැද්ද?
ඇලුමිනියම් දොර ජනෙල් හදනවනේ නේද?
දැන් ඉතින් ගෙදරක පරාල වලට ගහක් කපා ගන්නට වරුවක් යයි.
හොඳ වැඩක් රටේ ගස් දැනටමත් අවසන්
යාන්ත්රික කියත් නැතිවගිය විට රබර් ගස් කුට්ටි කරන්න වෙන්නේ හරස්කියත් වලින්ද. දැන් රබර් වතු තිබෙනවද නැද්ද මම දන්නේ නැ. ඇත්තටම කැලේ කපන්නේත් දේශපාලනය කරන අයගේ යහළුවෝ. ඒකත් හරියට වැලිගොඩ දමන කෙනා වගේ තමා.
ගෙවල් හදාගෙන යන කදුකර වනාන්තර පද්දතිය රක්ෂිය කලයුතුයි. සහ උදා ගම වෙනුවට තට්ටු 10 වැනි නිවාස සංකීරණ වලට යොමුවිය යුතුයි.
අනිවාර්යයෙන්ම මීළඟ ඡන්දෙදි අති විශාල ඡන්ද ගණනක් රජය පැත්තට වැටෙනවා මේ කාලෝචිත තීන්දුව හින්ද . මොකද විල්පත්තුව වගේ තැන්වල සහ රටේ මහාපරිමාණයෙන් වන දැව විනාශය මේකත් එක්කම අහෝසි වෙනවා .
පාරට ගස් වැටිලා තියෙන කපයි යතුරු කියතින් - පටස් ගාල යන්න ඇහැකි මගහැර අතු යහතින් තහනම් නම් යතුරුකියත් ආනයනය මෙලෙසින් - කොහොම යයිද මගහැර මෙගස් විගසින්
ඇයි ජනපතිට ගංගා වල වැලි ගොඩ දාන එක හා වනාතර එළිකරමින් සිදු කරන වන විනාශය තහනම් කරන්න බැරි දැන් විලපත්තුව හා අනෙක් ප්රදේශ වල යලත් වන විනාශය විශාල ලෙස සිදු කරන ඒවා ජනපතිට දන්නේ නැහැ.... කියන්න බැහැ..... මොකද සියලු විස්තර පුවත් පත්වල පින්තුරද සමග පල වෙනවා ජනපති පත්තරේ බලලා රට පාලනය කරන කෙනා වෙලත් මේවා කරන්නේ නැත්තේ කාගෙන් හරි ලැබෙන ලාභ පර්යෝජන ගැන හිතලද? නැත්නම් ඡන්දය ලබා ගැනීමේ අරමුණින් රට බිල්ලට දීල අහක බල ඉන්නවද ? ලෝකෙට බණ කියල වැඩක් නැහැ තමගේ රටේ විනාශයෙන් නවත්වා ගන්න ජනපතිට කොන්දක් නැත්නම්
කැලේ හොරෙන් කපන මිනිසුන්ගෙන් කීයෙන් කී දෙනාද යාන්ත්රික කියත් පාවිච්චි කරන්නේ?
අමුඩේට වුනත් අතීසාරය සොච්චමක් හරි පාලනය කරන්න පුළුවන් කියල හිතමුකෝ. හැබැයි යාන්ත්රික කියත් තමන් විහින්ම කැලේට ගිහින් ගස් කපන්නේ නැති බවත්, ඒවා මිනිස්සුන් විසින්ම කැලේට ගෙනිහින් ගස් කපන බවත්, ඒ කපන මිනිසුන් අතට කියත් ලබා දෙන්නේ උන්ට වඩා බොහොම බලවත් තවත් මිනිස්සු කට්ටියක් බවත් තේරුම් ගත්තොත් අමුඩේට වඩා සාර්ථක පිළියම් හොයන්න පුළුවන් වෙයි.
හොඳ අදහසක් මෙයින් රට තුළ කියත් සෑදීම පටන්ගන්න පුළුවන්.
සිරාගේ මැටි මෝල් තීරණ තමයි...
අපේ ජනාධිපතිතුමාට මාර මොලයක්නේ තියෙන්නේ...
යාන්ත්රික කියත් රටින් ගෙන එන්නේ නැහැ තහනම් කරලා තිබෙන්නේ , රටින් ගෙනාපුවා විකුනන්න තහනමක් නැහැනේ.