(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
'කාන්තා සංවර්ධනය හා තිරසර සාමය' යන තේමාව යටතේ ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බළකාය සංවිධානය කළ විශේෂ කාන්තා සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (4) පැවැත්විණි.
විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් කාන්තා වෘත්තීකයන් 450 දෙනෙකුට අධික පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටි අතර විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාණි තිලකවර්ධන මහත්මිය විසින් මෙහිදී ප්‍රධාන දේශනය පවත්වන ලදී.
යුද්ධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක ඇතුළු යුද හමුදා නිළධාරීන්ද, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ කාන්තා නිලධාරීන් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න ජනාධිපතිතුමාට සුදුසු තැන...
මේ ඔක්කොම වාසියටයි ප්‍රසිද්දීයටයි සමුළු තිය තියා රටේ ජනතාවගේ සල්ලි ටික නාස්ති කරන එක විතරයි වෙන්නේ.