( රොමේෂ් ධනුෂ්ක සිල්වා )
යුද හමුදා බස් රථයක් කැළණිය වනවාසල දුම්රිය හරස් මාර්ගය අසලදී මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සීඝ්රගාමී දුම්රියේ ගැටීමෙන් බස් රථය අසළ නිවසකට කඩා වැදීමෙන් නිවැසියන් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
අද (01) පෙරවර 9.35 ට පමණ සිදු වූ මෙම දුම්රිය අනතුරින් අදාළ බස් රථයේ පසුපස කොටසට දැඩි හානි වූ අතර , දුම්රිය එන්ජිමේ ඉදිරිපස වීදුරුවට සුළු හානි සිදුව ඇත.
මේ අනතුර හේතුවෙන් ප්රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ප්රමාදයක් ද ඇතිවිණි.




COMMENTS
හමුදා බස් රියදුරන් කිසිම විනයක් නෑ. ටිපර් රථ රියැදුරන් වගේමයි...
අර ඉහතින් පැවසුවා වගේ මේ බොහෝ හමුදා රියදුරන්ගේ රිය ධාවනය නම් කිසිඳු විනයක්, හික්මීමක් ඇතුව කෙරෙන්නක් නම් නොවෙයි. බොහෝවිට, මාර්ග නීති තඹයකට ගණන් ගන්නේ නැහැ. ඇඟේ හයියට, යුද හමුදාවේ හයියට තමයි වාහන පදවන්නේ... ඒත් මහපාරේ දාන සෙල්ලම් කෝච්චියත් එක්ක බැහැ. ඒ බව හෝ අද තේරුම් ගැනීම වැදගත්...
හමුදා රියදුරන්ගේ විනය අන්තිමයි.
රියදුරා අඩියක් ගහලා ඉගිල්ලෙන්න හැදුවද කියලා කවුද දන්නේ...?
මෑතක සිට මහමග ගමන් කරන හමුදා වාහන ධාවනය කරනුයේ විකාරයෙනි. විනය පටන් ගත යුත්තේ හමුදාවෙන් වුවත් එය එසේ නොවන වග නම් මහමග නිතරම දැකගත හැක.
හමුදාව වේවා, වෙනත් තනතුරු දරන පුද්ගලයින් වේවා, තියන්න ඕනා තැන නොවෙයි අපි තියලා තියෙන්නේ. නම්බු නාම ලොකු වැඩියි වගේ? එදා යුද්ධය පැවති සමයේදී ජනතාව ආරක්ෂා කල විරුවන්, වර්තමානයේ නම් අපට පෙනෙන්නේ, උද්දාමයෙන් වියරු වැටී සිටින පිරිසක් ලෙසයි. ජනතාවගේ ආරක්ෂකයන් වෙනුවට පාලකයින්ගේ මුර බල්ලන් ලෙසයි අප දැන් දකින්නේ...
මෙතන ගේට්ටුවක් නැතිද?