(සුජිත් හේවාජුලිගේ)
අවම සේවක සංඛ්‍යාවක් කැඳවා සේවා පවත්වාගෙන යෑමේ ක්‍රියාදාමය තදින්ම ක්‍රියාත්මක කරන්නැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා රජයේ සහ පෞද්ගලික ආයතන ප්‍රධානීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා එලෙස කටයුතු කිරීම ඉතා වැදගත් බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන කාලයේදී කෘෂිකර්ම සහ අපනයන යන අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑමට ලබාදී ඇති අවසරය තවදුරටත් එලෙසම පවතින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
COMMENTS
යුද හමුදාපතිතුමනි, ආගමික ස්ථානවලින් මහා සද්දෙට ලවුඩ්ස්පීකර් ක්‍රියාත්මක කරනවා. ගෙවල්වලට හිරවෙලා ඉන්න අපට පාන්දර සහ සවස හරියට හිරිහැරයක් ඒ අධික ශබ්දය... අපේ ගෙවල්වල රූපවාහිනී, රේඩියෝ තියෙන නිසා වුවමනා වේලාවට අපට ආගමික දේ අහන්න බලන්න පුළුවන්... ආගමික දේවල් බලහත්කාරයෙන් ඇස්සවීම නිසා රටේ බොහෝ දෙනෙක් දුක් විඳිනවා. කුඩා දරුවන් සහ වයසක අයත් මේ මහ ශබ්දය නිසා අපහසුවෙන් ඉන්නේ... කරුණාකරලා මීට පිළියමක් යොදවන්න...
ඉල්ලීම් කරලා හරියන්නේ නැහැ. මේක ලංකාව. තදින් නියෝග කරන්න ඕන. නියෝග කඩ කළොත් බරපතළ දඬුවම් දිය යුතුයි
ඔහොම කියන ඔබතුමාලම තමයි සියලු සේවකයන් වැඩට කැදවලා චක්‍රලේක ගැහුවේ.