(එෆ්.අස්ලම්)
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට ඇමෙරිකාවට ඇතුළුවීම වළකාලමින් තහනමක් පැනවීම පමණක් ප්‍රමාණවත් නැති බවත් යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවේ විමර්ශනය කර යුක්තිය ඉටුකළ යුතු බවත් දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු හා උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා පැවසීය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වගකීම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මාර්ගයෙන් ආරක්ෂක මණ්ඩලය වෙත යොමුකර ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවේ යුද අපරාධ හා මානව හිමිකම් චෝදනා විභාග කළ යුතු බවත් සිවාජිලිංගම් මහතා කීය.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ සිය පවුලට ඇමෙරිකා එක්සත් ජනපදය විසින් එරටට ඇතුළුවීම වළකාලමින් පනවා ඇති තහනම පිළිබද අද (17) මාධ්‍ය වෙත අදහස් පලකරමින් සිවාජිලිංගම් මහතා මේ බව කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සිවාජිලිංගම් මන්ත්‍රීවරයා මෙසේද කීය.
යුද්ධයේ අවසන් වකවානුවේ ශ්‍රීලංකා යුද හමුදාව යුද අපරාධ, මානව හිමිකම් කඩකිරීම්,බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් ආදී අපරාධ රැසක් සිදුකර තිබෙනවා. යුද හමුදාවේ 58 වන සේනාංකය බාරව එවක කටයුතු කළේ වත්මන් යුද හමුදාපතිවරයායි. යුද්ධය නිමවී වසර දහයක් ගෙවී ගියත් ශ්‍රී ලංකා රජය සිදුවූ දෙමළ ජන සංහාරයට යුක්තිය ඉටුවුණේ නැහැ.
අපි ගතවූ දස වසරක කාලය පුරාම ජාත්‍යන්තරයට බලකර සිටියේ ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහායෙන් හමුදාව විසින් සිදුකළ මෙම අපරාධ ගැන ජාත්‍යන්තර විනිසුරුවරුන්ගෙන් සමන්විත ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරියේ විමර්ශනය කර යුක්තිය ඉටුකළ යුතුයි කියලයි. මන්ද ශ්‍රී ලංකා රජයෙන් දෙමළ ජනතාවට යුක්තිය ඉටුවනු ඇතැයි කියල කිසිදු විශ්වාසයක් නැහැ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය 2015 වසරේ යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු 30/1 අංක දරණ යෝජනාවක් ශ්‍රී ලංකා රජයේ සම අනුග්‍රහය ඇතිව සම්මත කලේ දේශීය නෛතික යාන්ත්‍රණයක් තුළින් යුද සමයේ සිදුවීම් ගැන විමර්ශනයක් සිදුකරන්න. නමුත් එයින් කිසිදු ඵලක් වුනේ නැහැ.ජිනීවා කවුන්සිලයත් ශ්‍රීලංකා රජයේ කීමට අවස්ථා දෙකකදී දෙවසර බැගින් කාලය ලබා දුන්නා ඒ යෝජනාව ක්‍රියාත්මක කරන්න.එය වැරදි වැඩක් විදිහටයි මම දකින්නේ.
මෙවන් තත්වයක තමයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට ඇමරිකා එක්සත් ජනපදය එරටට ඇතුළු වීම වළකාලමින් තහනමක් පනවා තිබෙන්නේ. ඔහුට හා හමුදාවේ නිලධාරීන්ට එල්ල වන යුද අපරාධ මානව හිමිකම් කඩවීම් ආදී චෝදනා පිළිබඳ ඇති සාක්කි සහ සාධක පදනම් කරගෙනයි එම තහනම පනවල තිබෙන්නේ. එය අගය කළ යුතු කරුණක් වුනත් අපේ ඉල්ලීම යුද අපරාධ හා මානව හිමිකම් කඩකරමින් අපට සිදුකළ අයුක්තියට ජාත්‍යන්තර විනිසුරු මඩුල්ලකින් සමන්විත ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් ඉදිරියේ සාධාරණ විමර්ශනයක් කරමින් අපරාධකරුවන්ට දඩුවම් පනවමින් යුක්තිය ඉටුකළ යුතුයි යන්නයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
’යුද හමුදාපතිට ඇමෙරිකාවෙන් පැනවූ තහනම ප්‍රමාණවත් නෑ’
උපුල Monday, 17 February 2020 10:07 AM
ඔය කියන ප්‍රමාණවත් දේවල් දෙන තැනකට යනු, යුද හමුදාපති රකින්නේ සියලු ශ්‍රී ලාංකිකයින් පමණයි. ශ්‍රී ලාංකිකත්වය පරයා දමිලත්ත්වය හදවතට දැනෙන නුඹ වැන්නන් රටින් පිටුවහල් වියයුතුයි. මුස්ලිම් බෝම්බය වැදිච්ච වෙලාවේ අපිට ආරක්ෂාව දෙන්න කියල හමුදාවෙන් දනින් වැටී ඉල්ලලා විවිද අවස්ථාවල හිතෙන හිතෙන වෙලාවට නුඹලාගේ මුඛයෙන් කියන දේවල්වලට අනුව කටයුතු කිරීමට පුලුවන්වෙයි යැයි බලාපොරොත්තුවන ගැලපෙන රටක් හොයා ගනු. තම රට පාවා දෙන මෙවැනි අය වහාම අත්අඩංගුවට ගත යුතයි.
prasadMonday, 17 February 2020 02:23 PM
කොටින් කල ඝාතන මිනිස් ඝාතන නොවේද? අහිංසක මිනිස්සුන්ට කඩුවෙන් කෙටීම, පොලිසියේ , හමුදාවේ නිලධාරීන් මැරීම කොටින්ගේ අයිතිවාසිකමක්ද? මේ මිනිහා තවම බුරන්නේ ඊළම වෙනුවෙන් .ශවේන්ද්‍ර සිල්වා වැනි කීර්තිමත් නිලධාරියෙකුට ඇමෙරිකාවට යාමට අවශ්‍ය නැත . ඔහුට ලංකාවෙන් ලැබෙන ප්‍රශංසා සහ කිර්තිය ඔහුට සතුටින් මෙහි ජීවත්වීමට අවස්ථාව සලසනු ඇත .
beau Monday, 17 February 2020 10:16 AM
රටේ ඒවම කාලා අපිටම අපල කරනවා.
sigthi Monday, 17 February 2020 10:45 AM
ඔයාට රට ගැන හැගීමක් තිබුන නම් වසර 30ක් මිලේච්ච කොටින්ට හුලන් ගහවිද ? අපිට අපේ රට බේරා දුන් රණවිරුවන් වටිනවා.
Naushad Monday, 17 February 2020 10:51 AM
ගං වතුරක් අවොත් නැත්නම් වෙනත් විපත්තියක් ආවොත් හමුදාව ඕනවෙනවා. හමුදාපතිට ප්‍රශ්නයක් අවොත් ප්‍රමාණවත් මදි, ප්‍රමාණවත් මදි.
Raveendra Monday, 17 February 2020 10:54 AM
තමන් ඉපදුන හැදුනු වැඩුන තමන්ගේ මව් රටේ හමුදාපතිට මෙසේ කීමට තරම් ගුනමකුවෙකු තවත් නැති තරම්.
Senarath Monday, 17 February 2020 10:59 AM
වෙන රටක නම්... ඒත් අපේ රටේ මොවූන් පාර්ලිමේන්තුවේත් පිලුම් ගහමින් වැජඹෙනවා. සාමාන්‍ය දෙමල ජනතාවට මේ අය කරලා තියෙන්නේ මොනවද ? අඩුම තරමේ මොවුන්ගේ කෝවිලකට යන්න දෙනවද ? ඔවූන්ට සලකන්නේ වහලුන්ට වගේ.
sharm warn Monday, 17 February 2020 11:13 AM
ඇමරිකාව හදන්නේ ආයෙමත් ඝට්ටනයක් හදවලා යුද්දෙකට යොමු කරවන්න එතකොට ආයුධ විකුණා ගන්න පුළුවන් නේ.
සේන Monday, 17 February 2020 11:17 AM
ඉතින් කෙසේ නම් අපේ රටේ වුන් ලෙස සලකන්නද ?
saradiyel Monday, 17 February 2020 12:06 PM
මේ වගේ අදහස් දරන අය සමග හවුල් ආණ්ඩු කරපු අය ඉන්නවා මේ රටේ.
chinthaka Monday, 17 February 2020 12:34 PM
අර ජාතික ගීයේ සදහන් වෙන "එක මවකගේ දරු කැළ බැවිනා" කියන්නේ මේ වගේ උන්ටද? ඇත්තටම රජයට බැරිද "ජාතින් අතර අසමගිය වර්ධනය කිරීම" වගේ චෝදනාවකටවත් මෙයාව අලල්ලා ඇතුලට දාන්න?
ni nu Monday, 17 February 2020 02:01 PM
මේ අය රටින් පිටුවහල් කළ යුතුයි . අපෙ හමුදාපතිට ජයවෙවා
prakaash Tuesday, 18 February 2020 04:52 AM
රණවිරුවන්ට අපේ ආශිර්වාදය.