
(ලක්ෂ්මී ජයකොඩි)
යුද ස්මාරක ඉදිකිරීමට පළාත් පාලන ආයතනවල අනුමැතිය අවශ්‍ය නැති බවත්, එවැන්නක් අවශ්‍ය නම් උතුරේ ඉදි කර ඇති සියලු රණවිරු ස්මාරක කඩා දැමීමට සිදුවන බවත් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව මාධ්‍ය හමුවක් අමතමිනි. යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකර තිබුණු මුල්ලිවායික්කාල් සැමරුම් ස්මාරකය කඩාදැමීමට සිදුවුයේ එය අනුමැතියකින් තොරව ඉදිකරන ලද්දක් බැවින් යැයි එම විශ්වවිද්‍යාල පරිපාලනය ලබාදී තිබූ පිළිතුරට මාධ්‍ය වෙත ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මේ බව පැවසීය. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු සුමන්තිරන් මන්ත්‍රීවරයා මෙසේද කීවේය.
“යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් ඉදි කර තිබුණු මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය කඩා බිඳ දැමීම පිළිගත නොහැකි ක්‍රියාවක් මෙන්ම මිලෙච්ඡ ක්‍රියාවක්. මේ ස්මාරකය රජයේ අවසරයකින් තොරව ඉදි කිරීම නිසා කඩා දැමුවැයි කීම එම මිලෙච්ඡ ක්‍රියාව තවත් තීව්‍රකිරීමක්. යුද ස්මාරක ඉදි කිරීමට පළාත් පාලන ආයතනවල ඉදිකිරීම් අනුමැතියක් වුවමනා නැහැ.
එහෙම නම් උතුරු පළාත පුරාම ආරක්ෂක අංශ විසින් ඉදිකර ඇති රණවිරු ස්මාරක සියල්ලම කඩා බිඳ දාන්න වෙනවා. මේ වගේ ස්මාරක කිළිනොච්ච්ය, ආනෙයිඉරව්, පුදුකුඩිඉරිප්පු වගේ ප්‍රදේශවලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් විවිධ තැන්වල ඉදි කරල තියෙනවා.
මේ රටේ තිබුණු යුද්ධයෙන් දහස් ගණන් හමුදා නිලධාරීන් මිය ගියා. ඔවුන් සිහිපත් කරන්න ඕනේ. ඒත් කිසි වරදක් නොකළ අහිංසක ජනතාවත් යුද්ධයේදි ඝාතනය වුණා. විරුද්ධ පාර්ශවයෙන් මියගිය විරුවනුත් ඉන්නවා. ඔවුන්ව සිහි කරන්න ඕනෙ නැද්ද?
යුද්ධයෙන් මිය පිරිස යම් ජන ප්‍රජාවකට අයත් ජනතාවක් කියල ඔවුන්ගැන දුක්වෙන්නත් සිහිපත් කරන්නත් මේ ස්මාරක පොදු ස්ථානයක් වුණා. යාපනය විශ්ව විද්‍යාලයේ ඒ ස්මාරකය තිබුණු ස්ථානය එම සිසුන්ට විශේෂ ස්ථානයක් වෙන්න පුලුවන්” යැයිද කීය.
2025 දෙසැම්බර් මස 04
465
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
463
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
415
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යුද ස්මාරක ඉදිකරන්න පළාත් පාලන ආයතනවල අනුමැතිය ඕනේ නැහැ
Prabath Thursday, 14 January 2021 12:47 PM
යුද ස්මාරක රජයේ හා අර්ධ රජයේ ආයතන ඇතුළේ ඉදිකරන්න බැහැ. ඒවා රජයේ ආයතන...
කුමාරThursday, 14 January 2021 01:17 PM
දකුණේ ඒ වගේ ස්මාරක කීයක් තියෙනවදෙ? රජයේ හා අර්ධ රජයේ ආයතන ඇතුළේ? ඒවාට ඔබ කියන නීතිය අදාල නැද්ද?
" නිදහස් මිනිසා " Thursday, 14 January 2021 08:23 PM
ඔබ හරි. මේක මිනීමරුවන් ඉන්නා රාජ්‍යය බව අමතකද..? ඒ නිසා නිශ්ශබ්දව බලාගෙන ඉන්න. " විනිශ්චයේ දවස " එනකම්.
AraFriday, 15 January 2021 05:59 AM
එහෙනම් රාජ්‍ය උත්සවවලදී විනාඩියක් නිශ්ශබ්දව ඉන්න එකක් වැරදිද?
THILAK Thursday, 14 January 2021 02:03 PM
යුද ස්මාරක හදන්න ලංකාවේ යුද්ධයක් තිබුණාද?
sathyapala Thursday, 14 January 2021 02:12 PM
"විරුද්ධ පාර්ශවයෙන් මියගිය විරුවනුත් ඉන්නවා. ඔවුන්ව සිහි කරන්න ඕනේ නැද්ද?"
beau Thursday, 14 January 2021 03:38 PM
ඔන්න මෙයා මේකට ඇඟිලිගහන්න ඇවිත්. කොටින්ව සිහිකරමින් යුද ස්මාරක ගහන්න තහනම් බව දන්නේ නැද්ද ගොඩ පෙරකදෝරුවන්.. !!!
Bamunuarachchi Friday, 15 January 2021 03:14 AM
හලෝ මගේ ගෙවත්තේ තාප්පේ දාගන්නත් පළාත්පාලන නැතිනම් ප්‍රාදේශීය සභාවෙන් අවසර ගන්න ඕනේ.. රටේ මැරුණු ත්‍රස්තයින් සිහිකරන්න ස්මාරක ගහන්න අවසර ඕනේ නැද්ද?
සේනක Friday, 15 January 2021 05:32 AM
සුමන්තිරන්, ලංකාව කියන්නේ ඉන්දියාවේ තමිල්නාඩුව නෙමෙයි...