(ඩී.කේ.රත්න)
කොස්ලන්ද හීවැල්කදුර ප්‍රදේශයේදී ටී-56 ජීව උණ්ඩ 24ක් හා යුද හමුදාව භාවිත කරන වර්ගයේ කැමා ඇඳුමක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අද (4) දහවල් අත්අඩංගුවට ගෙන ඇතැයි කොස්ලන්ද පොලීසිය පවසයි.
කොස්ලන්ද හීවැල්කදුර ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 39ක පුද්ගලයෙකු හා වයස අවුරුදු 32ක පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොස්ලන්ද පොලීසිය විසින් හීවැල්කදුර ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී නිවසක අලුතින් ඉදිකරන වැසිකිළියක බටයක් තුළ සගවා තිබූ මෙම ටී 56 ජීව උණ්ඩ සහ වඩුමඩුවක සඟවා තිබූ මෙම යුද හමුදාව භාවිතා කරන කැමා ඇඳුම සමග මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කොස්ලන්ද පොලීසියේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදුකරති.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
යුද උපකරණ සහ හමුදා කැමා ඇඳුම් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට