(දිනේෂ් උපේන්ද්‍ර)
කුලියාපිටියේ සිට කුරුණෑගල දෙසට ගමන්ගත් යතුරුපැදියක් මාර්ගයේ ලිස්සා ගොස් ධාවනය වෙමින් තිබූ ලංගම බස්රථයක ගැටී පැදිකරු මරණයට පත්වී ඇති බව පොලිසිය කියයි.
සිද්ධියෙන් මරණයට පත්ව ඇත්තේ කුලියාපිටිය රත්මලේවත්ත ප‍්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙකි.
අනතුර සිදුවීමත් සමඟ ලංගම බස් රථයේ ගමන්ගත් මගීන් හා අවට ප‍්‍රදේශවාසීහු පැදිකරු රෝහල්ගත කළද ඒ වනවිටත් පැදිකරු මියගොස් සිට බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd