(ඉන්දිකා රාමනායක)

සොරාගත් යතුරු පැදියක කොටස් ගලවා   ත්‍රිරෝද රථය දෙකකින්  ප්‍රවාහන කරමින් සිටි පුද්ගලයන් තිදෙනකු  අංගොඩ ප්‍රදේශයේ දී ඊයේ  (23)  රාත්‍රියේ  අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

කඩුවෙල  පොලිසියේ   දුෂණ මර්දන ඒකකයට ලැබුණ තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් විසින්    මෙම ත්‍රිරෝද රථ දෙක නවතා  පරික්ෂා  කිරීමේ දී එහි යතුරු පැදි කොටස් සහ ව්‍යාජ ලෙස   එංජින් අංක හා ,  චැසි අංක වෙනස් කරන  උපකරණයක් තිබු බවද   පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන්     තිදෙනා    කොළඹ හා තදාසන්න   ප්‍රදේශ වල  නවතා  තැබෙන ත්‍රිරෝද රථ, යතුරු පැදි සොරාගන්නා කල්ලි සාමාජිකයන් පිරිසක් බවද පොලිසිය පවසයි.

සැකකරුවන් විසින් කොටස් කර තිබු යතුරු පැදිය ඉකුත්  7 දින  කිරිබත්ගොඩ   හුණුපිටිය ප්‍රදේශයෙන් සොරාගත් යතුරු පැදියක් බවත්,  යතුරුපැදි  කොටස් ප්‍රවාහන කළ එක්  ත්‍රිරෝද රථයක්  මීට වසර 2 ට පෙර  වැලිකඩ  දියත උයන රථගාලෙන්  සොරාගත් එකක් බවත්, එහි චැසි අංක, එන්ජිං අංක වෙනස් කර තිබු බවද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අංගොඩ ප්‍රදේශයේ පදිංචි 47,42.18  යන වයස්වල පසුවන්නන් බවද පොලිසිය සඳහන් කරයි.