
(චමිල් රූපසිංහ)
තෙල් මිල අඩු කර ගොවියන්ට පොහොර ලබාදෙන ලෙස රජයට බල කරමින් යටිනුවර ප්‍රාදේශිය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කලු පටි පැළද විරෝධතා පුවරු රැගෙන පා ගමනින් හා පා පැදිවලින් අද (28) සභාවාරයට පැමිණියහ.
මෙම විරෝධතාවය සදහා යටිනුවර ප්‍රාදේශිය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනෙකු සහභාගි වු අතර මන්ත්‍රීවරුන් තිදෙනෙක් යතුරු පැදිවලින් සභාවට පැමිණි අතර තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙක් මෝටර් රථයක නැගි විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සභාවට පැමිණියහ.
සභාවට පැමිණි මන්ත්‍රීවරුන් හට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් කිසිදු විරෝධතාවයක් නොදැක්වු අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් දෙදෙනෙක් සිනා වෙමින් වතුර බෝතලයක් රැගෙන ඉන් ජලය ගෙන විරෝධතාවයේ යෙදුනු මන්ත්‍රින් කිහිප දෙනෙකුට ඉසනු ලැබිය.
ඉන් අනතුරුව යටිනුවර සභාවේ විපක්ෂ නායක වරයා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ජනතාව කොරෝනා අවදානමෙන් මිරිකි ඇති මොහොතක ඉන්ධන මිල වැඩි කර ගොවියන්ට වගා කටයුතු වලට අවශ්‍ය පොහොර ලබා නොදිමෙන් ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවත් වාහාම ඉන්ධන මිල අඩු කර ගොවියන්ට පොහොර ලබා දි ජනතාවගේ ගැටලුවලට රජය අවධනය යොමු කළ යුතු බව පැවැසිය.





2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යටිනුවර ප්‍රා.සභා මන්ත්‍රීවරුන් කලු පටි පැළද පා පැදිවලින් එති