(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ලබන සතියේ ඉදිරිපත් කෙරෙන බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.
කතානායක කරු ජයසූරිය මහතාගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නව කෙටුම්පත ඉදිරිපත් කෙරෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විශේෂඥයින් ඉදිරිපත් කළ යෝජනා සහ නිර්දේශ ද සමඟය.
ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස්කිරීමේ කමිටුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ මූලික කෙටුම්පත සඳහා විශේෂඥ මට්ටමෙන් යෝජනා සහ නිර්දේශ ලබාගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගත් අතර මේ වනවිට ඒ කාර්යය ද අවසන්ව පවතියි.
රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට දේශපාලන පක්ෂවලින් ගත් යෝජනා හා නිර්දේශ ද ව්‍යවස්ථා සභාවට යොමු කිරීමට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදහස් කර සිටියි.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, පාර්ලිමේන්තු බලතල වැඩිකිරීම, පළාත් සභා විධිමත් කිරීම, පළාත් පාලන ආයතනවලට වැඩි බලතල පැවරීම ආදී වැදගත් යෝජනා නිර්දේශ රැසක්ම විශේෂඥයින් විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට යෝජනා කර තිබෙන බව රජය ප්‍රකාශ කළේය.
COMMENTS
ඒකීය රට කැබලි වලට කඩන අලුත් ව්‍යවස්ථාව ගැන දැනුවත් වන්න. ත්‍රස්තවාදයෙන් ගන්න බැරි වුන දේ දැන් නිකන්ම ගන්නයි යන්නේ.
රටේ ජනතාව විශාල ආර්ථික අර්බුදයකින් සිටින වෙලාවක අයවැයටත් ප්‍රථම ව්‍යවස්තාවක් ගෙනෙන්නේ සමස්ත රටවැසියාට සහන සලසන්නද. රටේ ආර්ථිකය දල දේශීය නිෂ්පාදනය වර්ධනය කිරීමටද අවප්‍රමාණය වෙන ඩොලරය රැකගැනීමටද රැකියා විරහිත උපාධි ධාරීන් ඇතුළු සමස්ත විරැකියා කරුවන්ට රැකියා උත්පාදනය කිරීමටද අහසේ හිරුඑළිය වහලෙන් පන්තිකාමරයට පතිත වී එලියකරන පාසල්වල අධ්‍යාපනය ලබන දරු දැරියන්ගේ අධ්‍යාපනය දියුණු කිරීමටද ජනතාවට වස විස කවන ආහාර තහනම් කිරීමටද ගරා වැටෙන ජාතික සෞඛ්‍ය සේවය නගා සිටවන්ටද ඇළ දොළකින් එගොඩ වීමට තවමත් ඒදන්ඩක් ප්‍රයෝජනයට ගන්නා ජනතාවට පාලමක් මහා මාර්ගයක් සදා දීමටද ව්‍යවස්ථා විශාරදයෙක් සිටීනම් මගේ මේ සුළු ප්‍රශ්නවලට පිළිතුරක් දෙනවද.?
තාම ව්‍යවස්ථාදායක සභාවට යෝජනාව දාලත් නැහැ, කවුරුවත් දැකලත් නැහැ, හුඹස් බියක් ඇති කරන්න හදනවා සමහරු, රට කෑලිවලට කැඩෙනවා කියලා පිටිගල මිලානෝ දැක්කේ දිවැසින්ද මන්දා..? දැනුවත් වෙන්න කියන ඔබ දන්නා දේ සාක්ෂි ඇතුව පෙන්නන්න මහත්තයා...
පිටිගල ඔයා මේක කියවල තියෙනවද? මටත් කියන්නකෝ කොපියක් හොයාගන්න විදිහක්... මම දන්නා විදිහට තවම මේක ප්‍රසිද්ධ කරලා නෑ. ඉතින් කොහොමද ඔයා දන්නේ මේකෙන් රට බෙදනවා කියලා. අවුරුදු තිහක් තිස්සේ ජේආර්ගේ ව්‍යවස්ථාවට බැන බැන හිටපු අයට දැන් ඒක හොඳයිද?
මේ ක්‍රමයෙන් කුඩා පක්ෂ සමග එකතුවෙලා ඒ පක්ෂ වලට වැඩි බලතල දෙන්න වෙනවා මේක අපේ රටට නොගැලපේ මේක හැමදාම රනිල් පාර්ලිමේන්තුවේ බලය තියාගන්න කරන ව්‍යාවස්තාවක්.
අපි නම් කැමති. ඒකීය රාජ්‍ය කඩන ව්‍යවස්ථාවකට ජනමත විචාරණයක් ජය ගන්න බැහැ කියලා ටීඑන්ඒ එක දන්නවා ඇතිනේ.
රනිල් බහුතරේ හොයනකොට එක එකාට උනපොරොන්දු ඉටු කරන්න හදන්නේ මේ ව්‍යවස්ථාවෙන්.
20 ගැන බැලුවහම පේනවා අනාගතේ රටට වෙන්නේ මොකද කියලා. ස්වාධින රජයන් කිහිපයක් ,අවුල් ගොඩක්!,මේවා දුරස්ථ පාලකයන්ගේ ගිනි බෝම්බ!