(රන්ජන් කටුගම්පල සහ නිමන්ති රණසිංහ)

කෙලවරපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමට පැවරීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම ලබන 19, 20 සහ 21 දිනවලට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) නියෝග කළේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, අචල වෙන්ගප්පුලි සහ කුමුදුනි වික්‍රමසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගය අද (12) යළි කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විණි.

මෙම පෙත්සම් විභාගයට ගන්නා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්. ටී. බී. දෙහිදෙණිය මහතා අද (13) නඩුව සලකා බලන අවස්ථාවේ දී ඊට සහභාගී නොවීම හේතුවෙන් මෙම නඩු විභාගය එලෙස කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය  කළේය .