
(ඩයනා උදයංගනී)
යුගදනවි බලාගාරයට අදාළව අත්සන් කළ ගිවිසුමෙහි ඇති මූලික කරුණු සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අනුමැතිය ද ලබාගත් බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති සභාපති එම්.සී ප්‍රදිනාන්දු මහතා පැවසීය
ලංකා විදුලිබල මණ්ඩලය මේ වන විට විශාල අර්බුදයකට මුහුණ පා ඇති බවත්, අඩු පිරිවැයකින් විදුලිය නිපදවීමේ ක්‍රියාවලියකට කඩිනමින් යොමු නොවුවහොත් ජනතාවගේ විදුලි බිල මත එම බර පැටවීමට සිදුවන බවත් එහි සභාපතිවරයා කීවේය.
අඩු පිරිවැයකින් විදුලිය නිපදවීමේ වැඩපිළිවෙලක් ලෙස කෙරවලපිටිය යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් වන යෝජනාව ඉදිරිපත් වී ඇති බව දසභාපතිවරයා සඳහන් කළේය.
මෙම ගිවිසුම රාත්‍රියේදී අත්සන් කරන්නට සිදුවූයේ අදාළ කරුණු ඉදිරිපත් කරමින් නීතිපතිවරයාගේ අනුමැතිය ලබාගැනීමට බොහෝ වේලාවක් ගත වූ නිසා යැයි ද සභාපතිවරයා කීවේය.
ගිවිසුම අත්සන් කළ ඉකුත් සැප්තැම්බර් 17 වැනිදා පස්වරු 4.30ට එය අත්සන් කිරීමට තීරණය කර තිබුණත් භාණ්ඩාගාර නිලධාරීන්, ඊට අදාළ ඇමෙරිකා පාර්ශවය, එරට නීතිවේදීන්, ආදී සියල්ල සමඟ සූම් තාක්‍ෂණය ඔස්සේ සාකච්ඡා කර නීතිපතිවරයාගේ අනුමැතිය ලබාගන්නා විට රාත්‍රිය උදා වී තිබූ බවත්, ඇමෙරිකානු සමාගමේ නියෝජිතයන් එදින මෙරටින් පිටවීමට සූදානමින් සිටි නිසා රාත්‍රියේ එය අත්සන් කළ බවත් ඔහු ප්‍රකාශ කළේය.
එමෙන්ම එරට නීතිවේදීන් සමඟ නීතිපතිවරයා සාකච්ඡා කරන විට එරට වේලාව ගැනත් සැලකිලිමත්වීමට සිදුවූ බව ද සභාපතිවරයා පැවසීය.
එම්.සී ප්‍රදිනාන්දු මහතා මේ බව පැවසුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී අද(3) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
COMMENTS
ඒකට කමක් නැ . ඒක පරක්කු උනාට . අනික ඒ අමෙරිකාවෙ වෙලාවනෙ. නිතිපතිතුමානම් ස්වාදීන පුද්ගලයෙක් බව හිනාමූනෙන්ම පේනවා . අනේ පොහොට්ටුවෙ වාසනාවක මහත.
මීළඟට පිහිටුවන ජනහිතකාමී , එක එක රටවල්වලට බැඳී නොමැති, නිවහල් රජයක් යටතේ ජීවිතාන්තයටම සිරගත කළයුතු එක පුද්ගලයෙක්...
ඒක හරිනේ... නීතිපතිවරයා බලන්නේ ගිවිසුම රටේ නීතිප්‍රකාරව සකස්කරලා තියෙනවද කියලා... ගිවිසුමෙන් රටට හෙණ ගහනවද කියලා නෙමෙයිනේ...
මෙයා දැන් මෙතන කියන්න හදනවා යුගදනවි එක මේ විදිහට ගියොත් විදුලිබල මණ්ඩලයට තවත් පාඩුයි ඒ හින්දා මේක කොටස් විකුණපු එක ගහපු ගිවිසුම හරී කියලා. මම දන්නා විදිහට මේක හොඳටම ලාභ ලබන බලාගාරයක්. අනික් පැත්තෙන් අයිතිකාරයෝ තමන්ට අයිති කොටස් අලුත් අයට විකුණපුවාම කොම්පැනියට සල්ලි යන්නෙත් නෑ. අනික දිගටම පාඩු ඒවා කර ගහන්න ඇමරිකන්කාරයින් අපේ අය වගේ මී හරක් නෙමෙයි. තව ඉතින් කවුරුත් දන්න දේ තමයි ලයිට් බිල කෙසේවෙතත් මුලින්ම ලයිට් දෙන්න ගහන අස්ප ගණන්. අනික් දේ තමයි විමල් ගම්මන්පිල කියන්නේ චීන තනාපති නියෝජිතයින් කියලත් කියන්නම ඕනෑ. හොඳම උදාහරණය තමයි අසූචි නැවට සල්ලි ගෙව්වේ නැති එකට චීන තනාපති මැදිහත් වෙනකොට ඒකට විරුද්ධ වෙන එක පැත්තකින් තියලා ඊයේ එයාලා අශුචි නැව කොම්පෝස්ට් පොහොර කියලා සහතික දෙන්න හදන එක. හැමදාම වුනේ අවුරුදු 05කට බලයට ඇවිත් මතු පරම්පරා ගණනාවක් අමාරුවේ දාන්න වැඩ සිද්ධ කරන අයට අපි රැවටුණු එක.
අවසන් වසර 5-6 දී ඔබ කොහේද හිටියේ...?
මෙතන තියෙන ප්‍රශ්නය කිසිම විනිවිද භාවයක් නැතිව මේ ගිවිසුම අත්සන් කරපු එකයි. මේක ඔය කියන තරම් රටට හිතකර ගිවිසුමක් නම් ඕක මහජනතාව කෙසේවෙතත් ගිවිසුම මූලිකව බලපාන පාර්ශවවත් දැනුවත් නොකර කඩිමුඩියේ අත්සන් කරේ ඇයි?
කොමිෂන් එක කීයද ?
අනේ කොච්චර හොදද එහෙනම්.
ඔබ ශ්‍රී ලංකාවේ පුරවැසියෙක්ද? ඊට අමතරව, ඔබ ගිවිසුමේ අන්තර්ගතය හොඳින් පරීක්ෂා කළාද?
නඩු අහලා නිදොස්කොට නිදහස් කරන හැටියට ඔය නීතිපති කරන්නේ හදලා දෙන කොලේට අත්සන් කරන පඹයෙක් කියලා හිතෙන්නේ මට විතරද?
කොන්දක් නැති වෘතියවෙධියෙක්. කොටින්ම කියන්න ඇත්තේ එපමණයි.
සභාපති නිවට වීමේ සීමාව පසුකර නොයන තරමට ආයතනයට ජනතාවට සේවය කල හැකියි. සෙවල නිවටභාවය සීමාව ඉක්මවා ගියකල ආයතන සේවකයෝ පාලනය අතට ගන්නවා. දැන් ඔය සභාපති අවුට්.
නීතිපති හෝ එම දෙපාර්තුමේන්තුව පවතින රජයට කඩේ යන මිස, රට හෝ ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නේ නැත. එසේම නීතිපති තමයි මෛත්‍රීගේ දින 52 ආණ්ඩුවත් ව්‍යවස්ථානුකුලව බව අධිකරණයේ පෙනී සිටියේත්.
මේ මහල්ලො රැල දන්නවා ඔවුන්ට ජීවත් වෙන්න තියෙන්නේ තව වසර කීපයයි කියලා. ඒ හින්දා තමන්ගේ සුඛ විවරණය සඳහා කරන්න පුළුවන් උපරිම දේවල් කරන මානසිකත්වයක ඔවුන් ඉන්නේ. රටේ බහුතරයකට හෙණ ගැහුණත් කමක් නෑ, තමන්ට සැප හම්බ වෙනවා නම් කමක් නෑ කියන තත්වයක ඉන්නේ. විකෘති සහ සිහිමද මානසික තත්වයන්ගෙන් යුත් මහල්ලන් ඉහළ පුටුවල ඉන්න රටවල්, ආයතන බලාගෙන ඉඳිද්දී කඩා වැටෙන්නේ.
ආණ්ඩුවට කඩේ යන අය කියන කතා, ඇත්තටම පසුගිය වසර 50-60ක කාලයේම විකුනපු ඒවා අපිට නැවත ලැබුනේ නෑ, මැතිවරණවලදී මොනතරම් පොරොන්දු දුන්නත්, ඒවා නැවත ගන්නත් බෑ, හොඳම උදාහරණය තමයි හම්බන්තොට වරාය, ඒවා යේ ඇති ගිවිසුම් කිසිවක් වෙනස් උනෙත් නෑ, ඔය තියෙන අපේ දේ අපිම ආරක්ෂාකර ගනිමු.
ඒ කිව්වෙ ආණ්ඩු වෙනසක් වෙනවිට පැවරූ නඩු අස්කර ගන්න කෙනාද මහත්තයෝ නොදන්නා කමට ඇහුවෙ.
මෙන්න මේ වල පයයි ගොඩ පයයි ඉන්න මේ නාකියත් කොමිසමට කඩේ යනවා .මුන්ගේ දරු මුනුපුරු ඇතුළු පරම්පරාවටම හෙන ගහනවා .මේ හොරු කරන හොර කොමිස් ගැහිලි වලට ආ වදාල .ලජ්ජා නහර කපලාද
එහෙනම් සමහරු කියනවා තවම ගිවිසුමට අත්සන් කරේ නැහැ කියලා.