
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජය සතු කොටස්වලින් සියයට 40 ක් අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් නැමැති සමාගමකට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති හා අන්තර් සමාගම් සේවක සංගමයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ යන මහත්වරුන් අද (26) අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළහ.
නීතීඥ සුනිල් වටගල මහතා මාර්ගයෙන් මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත.
පෙත්සමේ උත්තරකරුවන් ලෙස අගමැති මහින්ද රාජපක්ෂ හා කැබිනට් මන්ඩලය, ලංකා විදුලි බල මණ්ඩලය, වෙස්ට්කෝස්ට් පවර් පුද්ගලික සමාගම, ලක්දනවි සමාගම, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය, ලංකා ඛණිජ තෙල් සංස්ථාව, ඇතුළු 43 දෙනෙකු නම්කර සිටිති.
කැබිනට් මණ්ඩලය විසින් පසුගිය සැප්තැම්බර් 6 වැනිදා ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙසත් සිය පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරු ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම වළක්වන වැන්ඩාමුස් රිට් ආඥාවක් වග උත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.
COMMENTS
ජෙප්පෝ මොකටද පෙත්සම් නොගහ හිටියේ...? නිකන් ඉන්නෙපා කෝම කෝම හරි ගහපල්ලා බන් පෙත්සම්...
එය අනිවාර්යයි!
එය අපගේ පරම යුතුකමයි!
ජවිපෙ රටේ ප්‍රශ්න ගැන අවබෝධයෙන් කටයුතු කරනවා. ජවිපෙ නැත්නම් රටේ සමහර දේවල් වෙච්චි හැටිවත් හොයන්න බැරිවෙනවා. ඒත් සමහර කුහකයො ඒක පිළිගන්න සූදානම් නැහැ. සේරම වැරැදි විදියට පේනවා කියනවා. මම අහන්නෙ වසර හැත්තෑවක් මොන දෙයද හරියට කරල තියෙන්නෙ? එහෙම කලානම් මෙහෙම වෙනවද? නාහෙ ලඟට ගිලිලා, වැසිකිලියක් හදන්න සිමෙන්ති කොට්ටයක් ගන්න කඩවල් ලඟ බලාගෙන ඉන්න වෙලා, මහාපරිමාණ වැඩ කොහොම කරනවද?