IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


යුක්රේන - රුසියා අර්බුදය ගැන ශ්‍රී ලංකාව මධ්‍යස්ථ පිිළිවෙතක

(ඩයනා උදයංගනී)

යුක්රේන - රුසියා අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මධ්‍යස්ථ, නිර්පාක්‍ෂික ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, අද්මිරාල්, මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවසීය.

දෙරට අතර වර්ධනය වන තත්වය දෙස ලැබෙන දත්ත විශ්ලේෂණය කරමින් නිරීක්‍ෂණය කරන බව කී ලේකම්වරයා ප්‍රශ්න යුද්ධයෙන් විසඳාගැනීමට වඩා සාකච්ඡා මාර්ගයෙන් විසඳාගැනීම සුදුසු බව ශ්‍රී ලංකාව රටක් ලෙස විශ්වාස කරන බව ද සඳහන් කළේය.

සියල්ලන්ටම යම්කිසි හේතුවක් තිබෙනව නිසා මෙහිදී පැත්තක් වෙනුවෙන් කතාකළ නොහැකි බව ද ජයනාත් කොළඹගේ මහතා කීවේය.

විදේශ අමාත්‍යංශ ලේකම්වරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ශ්‍රී ලංකාවට තවත් රටකට සම්බාධක පනවන්නට තරම් ආර්ථික තත්වයක් නැතැයි කී ලේකම්වරයා ශ්‍රී ලංකාව උත්සාහ කරන්නේ සෑම රටක් සමඟම ගනුදෙනු කර රටේ ආර්ථිකය ගොඩනගාගැනීමට බවද කීවේය. යුක්‍රේනයේ සිටින්නේ ශ්‍රී ලාංකිකයන් ඉතා සුළු පිරිසක් බව කී ලේකම්වරයා ඔවුන්ට ඉවත්වන ලෙස කලින් දැනුම්දුන් අතර ඒ අනුව කීපදෙනෙක් ඉවත් වූ බව ද හෙතෙම සඳහන් කළේය.

තුර්කියේ ඇති තානාපති කාර්යාලය හරහා ඉතිරි පිරිස සමඟ සම්බන්ධ වී අවශ්‍ය නම් ඔවුන් ගෙන්වා ගන්නට කටයුතු කරගෙන යන බව කී ලේකම්වරයා බෙලරූස්වල සිටින ශ්‍රී ලාංකික ශිෂ්‍යයන්ගේ ආරක්‍ෂාව සලසන බවට එම විශ්ව විද්‍යාලවලින් සහතිකයක් දී ඇතැයි ද පැවසීය.

පවතින තත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ද බලපෑම් එල්ලවිය හැකි බව කී විදේශ අමාත්‍යංශයේ ලේකම්වරයා පසුගිය කාලයේ මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් වැඩිම සංඛ්‍යාවක් පැමිණියේ රුසියාවෙන් හා යුක්‍රේනයෙන් බව ද සඳහන් කළේය.

අන්තර්ජාතික වෙළඳපලේ බොරතෙල් බැරලයක මිල වසර 10කට පමණ පසු ඩොලර් 100 ඉක්මවා ඇති බවත්, ඉදිරියේදී ගෑස් හා ඉන්ධන වෙනුවෙන් වැඩියෙන් ගෙවීමට සිදුවනු ඇති බවත් ලේකම්වරයා කීවේය.

තේ අපනයනය, සංචාරක පැමිණීම අඩුවීම ආදී ගැටලු ඉදිරියේදී ශ්‍රී ලංකාවට මතුවිය හැකි බව කී ජයනාත් කොළඹගේ මහතා අන්තර්ජාතික ප්‍රශ්නවලදී මීටත් වඩා සංවේදීව හා අවබෝධයෙන් කටයුතු කළ යුතු බවත්, යුද්ධය ප්‍රශ්නයකට විසඳුමක් නොවන බවත් ප්‍රකාශ කළේය. 



අදහස් (12)

යුක්රේන - රුසියා අර්බුදය ගැන ශ්‍රී ලංකාව මධ්‍යස්ථ පිිළිවෙතක

Kamal Friday, 25 February 2022 05:07 PM

මෙය වැරැදි ප්‍රවේශයක් බව මම විශ්වාස කරමි. ප්‍රජාතන්ත්‍රවාදී ස්වාධීන ස්ථාපිත රටක් ආක්‍රමණය කිරීම සඳහා රුසියාව ජාත්‍යන්තර නීතිය හා සාමය අමු අමුවේ නොසලකා හැර තිබේ...

:       11       12

RangaFriday, 25 February 2022 07:12 PM

ඔව්.. ප්‍රජාතන්ත්‍රවාදී, නිදහස් වුණා නම් හරි තමයි. ඒත් යුක්රේන ගියානේ.. රුසියාවත් එක්ක ගේමට. ඇමෙරිකාවට ඕන විදිහට නටාගෙන.. සම්පූර්ණ වැරැද්ද රටේ ආණ්ඩුවේ...!

:       8       15

Buddika Friday, 25 February 2022 05:10 PM

ඒ කියන්නේ අපිට පිට කොන්දක් නෑ කියන එකනේ...

:       14       7

BamuarachchiFriday, 25 February 2022 08:23 PM

ගොන් පාට් දමන්න එපා හලෝ. 1956 කාලේ ඉඳන්ම අපේ බුද්ධිමත් නායකයින් අපි නොබැඳි ජාතියක් ලෙස කටයුතු කළා. අපිට පිළිගැනීමක් තිබුණා.. ඒ නිසයි අපිට නොබැඳි සමුළුවක් ලංකාවේ තියන්න පුළුවන් වුනේ... එහෙම සමුළුවක් ලංකාවේ තිබ්බ බව දන්නවාද? 1977 න් පස්සේ අපේ රට බල්ලට ගියා. දැන්වත් ජාත්‍යන්තර කටයුතුවලදී අපි නොබැඳි ජාතියක් ලෙස කටයුතු කළොත් රටට හොඳයි...

:       10       10

Demuni Uduwara Friday, 25 February 2022 05:37 PM

මෙය ඇත්තෙන්ම ආක්‍රමණශීලී ප්‍රහාරයකි. එය හෙළා දැකීමට රජය නොසැලී සිටින්නේ ඇයි?

:       15       8

BamunuarachchiFriday, 25 February 2022 08:28 PM

ජාත්‍යන්තර ගොයියෝ ටික අපිට විරුද්ධව කටයුතු කරන කොට අපි වෙනුවෙන් පෙනී සිටින අපි වෙනුවෙන් නිෂේධ බලය පාවිච්චි කරන රුසියාව තරහ කරගන්නද කියන්නේ? රුසියාව අපේ නිශ්ශබ්ද මිතුරෙක්. අපේ රටින් කෑලි, කොටස් ඉල්ලන්නේ නැති මිතුරෙක්...! 

:       12       15

Vasudewa Friday, 25 February 2022 07:05 PM

ලංකාව වැනි ප්‍රබල දැන්වත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් මධ්‍යස්ථව ඉන්න එක හොඳයි...

:       8       2

Bishan Friday, 25 February 2022 07:59 PM

පැත්තක් ගන්නවත් මේ අයට කොන්දක් පණක් නෑ. චීනෙට වහල්කම් කරගෙනනේ ඉන්නේ. අඩුම තරමේ මේ ආක්‍රමණය හෙලා දැකිය යුතුයි. එහෙමවත් කරන්න බෑ. එච්චරට හිඟන රටක් වෙලා තියෙන්නේ දැන්..!

:       10       3

විපරමා Friday, 25 February 2022 08:53 PM

යුක්‍රේනය කියපු ගමන් මතක් වුනේ මිග් යානා ගනුදෙනු කරපු හාදයා. යුක්‍රේනයේ සංචාරකයින් ගෙන්වා ගන්න විදියක් නැතුව අවුල් ඇති...

:       6       6

chandima Friday, 25 February 2022 09:11 PM

එහෙම පැත්තකට වෙලා බලාගෙන ඉන්න එක හොඳයි... නැතිනම් ඔව්වට අලගු තියන්න ගිහින් අර කාලේ උන්නු අයට වෙච්චි දේ තමයි වෙන්නේ, අලි මැද්දට හිර වුණොත් එහෙම...!

:       2       8

pakeer Friday, 25 February 2022 11:29 PM

රුසියාවට ජය...!

:       1       1

sampath Saturday, 26 February 2022 01:04 AM

කිරි පැකට් එකක්, පෙට්‍රල් භාගයක් ගන්න පෝලිම්වල ඉන්න අපිට ඕවා අදාළම නෑ. කොහොම වුණත් රුසියාව කරන්නේ ත්‍රස්තවාදී වැඩක්... යුක්‍රේනය ස්වාධීන රාජ්‍යයක්... ඒක පිළිනොගැනීම ම්ලේච්ඡ වැඩක්... අබිට මේවගේ දේකදී කරන්න පුළුවන් දෙයක් නෑ. ඒ නිසා අපි කතා නොකර ඉමු. නමුත් මේ සියල්ල සිද්ද වෙන්නේ මානව වර්ගයාට එරෙහිවයි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1104 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1128 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site