
චෙච්නියානු විශේෂ බලකා සෙබළුන් කණ්ඩායම
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ඝාතනයට පැමිණි චෙච්නියානු විශේෂ බලකා සෙබළුන් කණ්ඩායමක් මරා දමමින් රුසියානු හමුදාවන්ට විශාල හානියක් සිදු කිරීමට යුක්රේන හමුදාවෝ සමත් වූහ.
චෙක් ජනරජයේ නායක රම්සාන් කදිරොව් පසුගියදා පැවසුවේ 12000 ක තම චෙච්නියානු සටන් කාමීන් රුසියානු හමුදා සමග එකතු වී යුක්රේන හමුදාවන්ට එරෙහිව යුද වැදීමට සුදානම් බවයි. චෙච්නියානු විශේෂ බළකාය මානව හිමිකම් කඩකිරීම සම්බන්ධව සහ දැඩි අමානුෂික ක‍්‍රියාමාර්ග ගන්නා හමුදාවක් ලෙස ලෝකයේ ප‍්‍රසිද්ධ වී සිටියි.
යුක්රේනයට පැමිණ චෙච්නියා විශේෂ බළකා කණ්ඩායමක් ඔවුන් පැමිණ යුද ටැංකි 56 ද සමගින් යුක්රේන හොස්ටොමල් නගරය ආසන්නයේදී යුක්රේන හමුදාවේ මිසයිල ප‍්‍රහාරයකට ලක් ව සුනු විසුණු වී ඇත.
මෙම කණ්ඩායම යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි ඝාතනයට පැමිණි බව ඬේලි මේල් වෙබ් අඩවිය පවසයි.කොපමණ සෙබළු සංඛ්‍යාවක් මියගොස් ඇත්දැයි ප‍්‍රකාශ කර නැතත් මියගිය සෙබළුන් අතර චෙච්නියානු ජෙනරාල් මගෝමෙද් ටුශෙව් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.
(034)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න
2025 දෙසැම්බර් මස 04
297
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
415
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
393
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යුක්රේන ජනපති මරන්න ආ චෙච්නියා සෙබළුන් මැරුම්කයි