IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


යුක්රේනුවන්ට රුසියාවෙන් එන්නැයි දන්වයි

රුසියාවේ සිටින සියලූම යුක්රේන ජාතිකයනට රුසියාවෙන් ඉවත්වන්නැයි යුක්රේන විදේශ අමාත්‍යංශය දැනුම් දීමක් කර ඇත.

යුක්රේන විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ”යුක්රේන ජාතිකයන් හේතුව කුමක් වුවත් රුසියාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙසත් රුසියාවේ සිටින යුක්රේන පුරවැසියන් වහාම රුසියාවෙන් ඉවත් වන ලෙසත්ය”

මෙම අනතුරු ඇඟවීමට ඇහුන්කන් නොදෙන පුරවැසියන් ආරක්ෂා කිරීම යුක්රේනයට අපහසු වනු ඇතැයි විදේශ අමාත්‍යංශය පවසයි.

රුසියාව  යුක්රේනයේ සිටි රාජ තාන්ත‍්‍රිකයන් ඊයේ ඉවත් කර ගත්තේය.

යුරෝපා සංගමයේ රටවල මුදල් අමාත්‍යවරුන් රුසියානු ආර්ථිකයට දැඩි සම්බාධක යෙදවිය යුත්තේ කුමන ආකාරයෙන්ද සාකච්ඡා කිරීම සඳහා ලබන 25 - 26 දින මුණගැසීමට නියමිත බව ප‍්‍රංශ මුදල් අමාත්‍ය බෘනෝ ලේ මෙයාර් පැවසීය.

නොර්ඞ් ස්ට‍්‍රීම් 2 ගෑස් නලය රක්ෂණය කර ඇති රක්ෂණ සමාගම ඇමෙරිකාවේ සම්බාධක සහ පවතින වාතාවරණය හේතුවෙන් රක්ෂණ ගිවිසුම අවලංගු කර ඇත.

බි‍්‍රතාන්‍ය විසින් යුක්රේනයේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සහ රුසියාවේ පීඩන හමුවේ නැගී සිටීමට ඩොලර් මිලියන 500 ණය මුදලක් අනුමත කර ඇත.

යුක්රේනයේ අතිරේක හමුදා වල සිටි සෙබළුන් 36000 ක් මේ වන විට යුක්රේන හමුදාවලට බඳවාගෙන ඇති අතර 18-60 දක්වා අතිරේක හමුදා වල සිටින සෙබළුන් වසරක සේවා කාලයකට යටත් බව පවසයි. එමෙන්ම යුක්රේන ආරක්ෂක කවුන්සිලය යුක්රේනය තුල හදිසි තත්ත්වයක් ප‍්‍රකාශ කිරීමට තීරණය කර ඇති අතර යුක්රේන පාර්ලිමේන්තුව වන ‘රාධා‘ හි අනුමැතිය ලැබෙන තෙක් සිටි.

ඩොනෙට්ස්ක් සහ ලූහාන්ස් ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගැනීමට ඡුන්දය දුන් රුසියානු පාර්ලිමේන්තුවේ දුමා ලෙස හදුන්වන පහල පෙළ මන්ත‍්‍රීවරු 351 දෙනකුට යුරෝපා සංගමය  සම්බාධක පනවා තිබේ.මෙම මන්ත‍්‍රීවරු 351 දෙනාට යුරෝපයේ සුඛෝපබෝගී භාණ්ඩ මිලදී ගැනීම වළක්වාලමින් සම්බාධක පනවා ඇත.

(034)



අදහස් (0)

යුක්රේනුවන්ට රුසියාවෙන් එන්නැයි දන්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 449 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site